අද නිල වාර්තා : කොවිඩ් මරණ 155 යි ; නව ආසාදිතයින් 3145 යි

කොවිඩ් ආසාදිත මරණ 155 ක් සහ නව ආසාදිතයින් 3,145 ක් රජය අද නිල වශයෙන් වාර්තා කොට ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව නිල වාර්තා අනුව සටහන් වන්නේ 5,775 ක් වශයෙනි.

මෙරට කොවිඩ් ආසාදිත සංඛ්‍යාව නිල වාර්තා අනුව සටහන් වන්නේ 348,263 ක් වශයෙනි.

කෙසේ වෙතත්, මෙම නිල වාර්තා මගින් සත්‍ය සංඛ්‍යා නොපෙන්වන බවට සෞඛ්‍ය අංශවලින් මෙන් ම මාධ්‍ය සහ දේශපාලඥයින්ගෙන් ද චෝදනා එල්ල වී ඇත.

ජාතික නිදහස් පෙරමුණේ මුසම්මිල් මන්ත්‍රීවරයා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කීවේ ඉහළ හමුදා නිලධාරියකු සහ වෛද්‍යවරුන් දෙදෙනකු සංඛ්‍යා වෙනස් කිරීමේ යෙදී සිටින බවයි.

ඒ මහත් කීවේ පසුගිය 5 දා සිට දිගට ම මෙරට කොවිඩ් ආසාදිත සත්‍ය සංඛ්‍යාව 5,000 ඉක්මවා ගිය බව යි. නිල වාර්තාවල සඳහන් වුයේ 3,000 ක් හෝ ඊට අඩුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *