කොළඹ වහන්නේ නැහැ ! ප්‍රදේශ කිහිපයක් වහන්න අවධානය ?

කොළඹ නගරය වසා දැමීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බවට ජනාධිපතිවරයා දැඩි තිරණයක සිටින බව සෞඛ්‍ය අංශ කියයි.

සෞඛ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් සමග ඊයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිතුමා ප්‍රකාශ කොට ඇත්තේ රට වසා දැමීමට තමන් කිසිසේත් සුදානම් නැති බවයි.

කෙසේ වෙතත්, රෝගය වේගයෙන් ව්‍යාප්ත වන ඇතැම් ප්‍රදේශ පමණක් හුදෙකලා කිරීමට රජය තීරණය කරනු ඇතැයි සෞඛ්‍ය අංශ විශ්වාසය පළ කරයි.

විශේෂඥ වෛද්‍යවරුන් ගණනාවක් ප්‍රකාශ කොට ඇත්තේ අඩු වශයෙන් සති දෙකකට රට වසා දැමිය යුතු බවයි.

කොවිඩ් මර්දන කමිටුවේ අද පවත්වන රැස්වීමේ දී මේ පිළිබඳව තීරණ ගනු ඇතැයි කියති.

ජනාධිපතිතුමා සමග ඊයේ පැවති සාකච්ඡාව අවසන් වී ඇත්තේ රට හෝ ප්‍රදේශ වශයෙන් හෝ  වැසීම ගැන කිසිදු තීරණයකින් තොරව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *