නිල කොවිඩ් මරණ 150 පනී ; ආසාදිත සංඛ්‍යාව 3000 පනී ; තීරණාත්මක සාකච්ඡාවක් හෙට

අද දිනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 156 කි.

ඒ අනුව මෙරට සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 5,620 ක් වශයෙනි.

අද දිනයේ වාර්තා කරන ලද නව ආසාදිතයින් සංඛ්‍යාව 3,039 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 345,118 ක් ලෙස වාර්තා වෙයි.

මෙලෙස රජය නිල වශයෙන් නිකුත් කරන දත්ත සහ දිස්තික් මට්ටමේ දත්ත අතර විශාල පරස්පරයක් පවතින බව ජනමාධ්‍ය හෙළිදරව් කොට ඇත.

කොවිඩ් වසංගත තත්ත්වය පිලිබඳ ජනාධිපතිතුමා සමග සෞඛ්‍ය ඇමතිතුමිය සහ ඉහළ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පැවතී බව ද  වාර්තා වීය.

හෙට රැස්වන කොවිඩ් මර්දන කමිටු රැස්වීමේ දී තත්ත්වය තව දුරටත් සමාලෝචනය කොට වැදගත් තීරණ ගනු ඇතැයි සෞඛ්‍ය අංශ විශ්වාසය පළකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *