ටින් මාළු හදන්න තායිලන්තයෙන් මිලියන 500ක කම්හලක්

ටින් මාළු හා අයිස් නිපදවීමේ විශාල කම්හලක් නැගෙනහිර පළාතේ ඉදිකිරීමට තායිලන්තයේ විශාලතම ටින් මාළු නිෂ්පාදන සමාගමක් ඉදිරිපත් වී ඇති බව වාර්තාවෙයි . අනුඔර්න් ග්රූප් නම් මෙම සමාගම සතුව ටින් මාළු කර්මාන්ත සල පහක් තායිලන්තයේ ඇති බව කියති .පළමු අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ඔවුන් කරන ආයෝජනය  මිලියන 500කි .

තම සමාගම මුලදී දේශීය වෙළදපොලට සියයට 80ක් නිෂ්පාදන යොමු කිරීමට බලාපොරොත්තුවන බවත් පසුව තවත් ආයෝජනය කරමින් යුරෝපා සංගමයට අපනයනය කිරීමට බලාපොරොත්තු වන බවත් මෙම සමාගම කියයි .

මාර්තු මාසයේ මෙරටට පැමිණි අනුඔර්න් සමාගමේ නියෝජිත පිරිසක් තමකර්මන්ත ශාලාව නැගෙනහිර පළාතේ ඉදිකිරීමට තීරණය කොට ඇත .මලික් සමරවික්‍රම ,දයා  ගමගේ ඇමතිවරුන් සමග සාකච්චා කොට කම්හල ඉදිකිරීමේ එකගතාව ඇතිකරගත් බව කියති

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *