ආණ්ඩුවේ ගෑස් බහී ! ගෑස් මිල ඉහළ දමන්න අවසර දෙයි !!

ගෘහස්ත පරිභෝජනය සඳහා වන ගෑස් මිල ඉහළ දමන්නට කිසිසේත් ඉඩ නොදෙන බව කියමින් සිටි ආණ්ඩුව එම ස්ථාවරය ද රිවස් කරමින් ගෑස් මිල වැඩි කිරීමට ඉඩ දී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ලාෆ් සමාගමේ කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අවසර දී තිබේ.

මෙම මිල ඉහළ දැමීමත් සමඟ රුපියල් 1493 ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,856 ක් දක්වා ඉහළ යනු ඇත.

රුපියල් 600 ක්ව පැවැති ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 5 කුඩා ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 743 ක් දක්වා ඉහළ දමා තිබේ.

ලිට්රෝ ගෑස් මිල ද වැඩි නොකරන බව රජය කියා ඇතත්, පසුව එමමිල ගණන් ද වැඩි වනු ඇතැයි  විශ්වාස කෙරෙයි. එසේ නොකරන්නේ නම් ලිට්රෝ සමාගමේ පාඩු පියවීමට මහා භාණ්ඩාගාරයෙන් මහජන මුදල් යෙදවීමට සිදුවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *