කාබනික කොම්පෝස්ට් පොහොර ආනයනය කිරීමට කිසිසේත්ම අවසර නෑ – කැබිනට් ප්‍රකාශකට ශෂීන්ද්‍රගෙන් ප්‍රතිචාර

කාබනික කොම්පෝස්ට් පොහොර ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය කිසිසේත්ම අවසරයක් ලබාදී නොමැති බව කාබනික පොහොර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

“2021 – 22 මහ කන්නය සඳහා කාබනික පොහොර හා කීලේටඩ් අංශු මාත්‍ර ශාඛ පෝෂක ආනයනය කිරීම සඳහා ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදීලා තිබෙනවා. ඒ වෙනුවෙන් දේශීය කාබනික පොහොර නිෂ්පාදනයෙන් සම්පූර්ණ අවශ්‍යතාවය සපුරා ගැනීමට නොහැකි බැවින් මෙම විශේෂිත පොහොර කාබනික පොහොර හැටියට රටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යෑමට කැබිනට් අනුමැතිය ගරු කෘෂිකර්ම ඇමතිතුමාට ලබාදී තිබෙනවා” යැයි කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කර තිබිණි.

ඊට ප්‍රතිචාර දක්වමින් ශෂීන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (11) පැවසුවේ කිසිසේත්ම කාබනික කොම්පෝස්ට් පොහොර ආනයනය කරන්න කැබිනට් මණ්ඩලය විසින් අපට අනුමැතිය ලබාදුන්නේ නැහැ. මේ වනවිටත් ගොවි ජනතාව සහ අනෙකුත් මහා පරිමාණ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදකයින් නයිට්‍රිජන් ප්‍රතිශතය අවම වශයෙන් 1%ක් වූත් කාබනික ඝන පොහොර නයිට්‍රිජන් ප්‍රතිශතය 3%ක් වූත් පොහොර නිෂ්පාදනය කිරීමත් ආරම්භ කරලා තියෙනවා. අපට ආනයනය කිරීමට අවසරය ලබාදුන්නේ ස්වාභාවික ශාඛ පෝෂක මගින් නිපදනවන ලද නයිට්‍රිජන් නිස්සාරකයක් කියන එක පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි. දේශීයව නිෂ්පාදනය කරන කාබනික පොහොර සමග මේ නයිට්‍රිජන් නිස්සාරකය භාවිතා කරලා මේ මහ කන්නයට අම්පාර දිස්ත්‍රික්කයේ වී වගාව ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ලෑස්ති පිට ඉන්න බව පැහැදිලිව දැනුම් දිය යුතුයි” යනුවෙනි.

RN

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *