කැබිනට් සංශෝධනයේ දී දිනේෂ්ට කැපිල්ලක් ?

ජනාධිපතිතුමා අලුතින් සිදු කරන්නට යන කැබිනට් සංශෝධනයේ දී දිනේෂ් ගුණවර්ධන මහතාට වෙන්කර තිබු අමාත්‍ය ධුරය බැසිල් රාජපක්ෂ ඇමතිවරයා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විරුද්ධත්වය නිසා කප්පාදුවකට ලක් වී ඇති බව දේශපාලන අංශ වාර්තා කරයි.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණේ නායකයා ද වන දිනේෂ් ගුණවර්ධන මහත් වෙනුවෙන් වෙනකොට තිබී ඇත්තේ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ඇමති ධුරය යි.

කෙසේ වෙතත්, අධ්‍යාපන ඇමති ධුරය තම පක්ෂයට අවශ්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරයේ කියා ඇත. ඒ අනුව අධ්‍යාපන ඇමති ධුරය ප්‍රසන්න රණතුංග මහතාට දෙන අතර උසස් අධ්‍යාපනය පමණක් දිනේෂ් ගුණවර්ධන මහතාට ලබා දීමට යන බව දේශපාලන අංශ කියයි.

දේශපාලන අංශ වැඩි දුරටත් කියන්නේ මෙය ආණ්ඩුවේ කුඩා පක්ෂ දිය කිරීමේ පොහොට්ටු වැඩ පිළිවෙළේ තවත් පියවරක් බව යි.

මැතිවරණයේ දී වඩාත් වැදගත් වන අමාත්‍යංශ තමන් යටතේ තබාගැනීම පොහොට්ටු පක්ෂයේ උපාය මාර්ගය වී ඇති බව කියති.

කෙසේ වෙතත්, මෙම ගැටුම් නිසා නව ඇමති මණ්ඩලය පිලිබඳ අවසන් තීරණ තවමත් ගෙන නැති බව ද කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *