කොවිඩ් මරණ වාර්තාව 118 දක්වා ඉහළට ; නව අසාදිතයින් 2904 ක්

අද දිනයේ රජය නිල වශයෙන් වාර්තා කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 118 දක්වා තවත් ඉහළ ගියේ ය.

මෙම නිල වාර්තා අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 5,340 ක් වශයෙනි.

අද දිනයේ රජය වාර්තා කල නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 2,904 කි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 331,074 ක් ලෙස වාර්තාවල දැක්වෙයි.

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන සියලු රෝහල් සහ දැඩි සත්කාර ඒකක මේ වනවිට පිරී ගොස් ඇත.

වෙනත් රෝගීන් සඳහා ඇති දැඩි සත්කාර ඒකක පහසුකම් ද කොවිඩ් රෝගීන් සඳහා ලබා දීමට සිදු වී ඇති බව ද වාර්තා වෙයි.

ප්‍රතිකාර කිරීමට පහසුකම් නොමැති නිසා රෝගය වැළඳීමෙන් වැළකී සිටීමට උපරිම පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *