කොවිඩ් මරණ වාර්තා බිඳියි ; අද 111 යි ; නව ආසාදිතයින් 2938 යි

මෙරට එක දිනක කොවිඩ් මරණ සංඛ්‍යාව රජයේ නිල වාර්තා අනුව 111 ක් ලෙස වාර්තා ගත ඉහළ යාමක් පෙන්නුම් කරයි.

ඒ අනුව මෙතෙක් මෙරටින් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 5,222 ක් වශයෙනි.

අද දිනයේ සිදු කරන ලද පී සී ආර් පරීක්ෂණ මගින් අලුතින් හඳුනාගත්තේ යයි වාර්තා කොට ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 2,938 කි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 332,932 ක් වශයෙනි.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අංශ කියන්නේ මෙම සංඛ්‍යා මගින් පෙන්නුම් කරනවාට වඩා ඇති බිහිසුණු තත්ත්වයකට රට මුහුණ දී සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *