කොතලාවල විශ්ව විද්‍යාල පනතත් රිවස් කරයි ; අනිද්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරයි

කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල්දැමීමට තීරණය කර තිබෙන බව  අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. ඒ අනුව  එම පනත් කෙටුම්පත අනිද්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන අතර පනත ඉදිරිපත් කිරීම දින නියමයක් නැතිව කල් දමා තිබේ.

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව තහවුරු කළේය.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට මෙන්ම ජනතාවටද තවදුරටත් අදහස් ප්‍රකාශ කිරීමට අවශ්‍ය යැයි විශ්වාස කරන බැවින් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල්දැමීමට තීරණය කර ඇති බව චමල් රාජපක්ෂ ඇමතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත්, පනත සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ ම විරෝධයක් මතු වී තිබීමත්, පනතට එරෙහි මහජන විරෝධයත් පනත ඉදිරිපත් කිරීම කල් දැමීමට හේතු වූ බව තතු දත් ආරංචි මාර්ග කියයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *