අද වාර්තා කළ කොවිඩ් මරණ ගණන 74 ට නගී ; නව ආසාදිතයින් 2423 යි

අද රජය නිල වශයෙන් වාර්තා කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 74 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 4,645 ක් වෙයි.

අද අලුතින් හඳුනාගෙන ඇති බවට රජය වාර්තා කළ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,423 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 216,192 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ආසාදිතයින් අඩුවෙන් වාර්තා වන්නේ සිදුකරන පරීක්ෂණ ප්‍රමාණය අඩු නිසා බවත් කොවිඩ් ව්‍යාප්තිය වේගවත් වී ඇති බවත් කියන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මතය වී ඇත්තේ ඉදිරි සති දෙක තීරණාත්මක විය හැකි බවයි.

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොවිඩ් වැළඳී ඇති බව අද වාර්තා වූ අතර, උදය ගම්මන්පිල, විමල් වීරවංශ ඇමතිවරුන් මේ වනවිට නිරෝධයනයේ සිටින බව වාර්තා වෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *