රසායනික පොහොර සම්පුර්ණ තහනම ඉවත් කරමින් බැසිල්ගෙන් ගැසට් නිවේදනයක්

සියලු ම වර්ගයේ රසායනික පොහොර සඳහා පනවා තිබු තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත.

නයිට්‍රිජන්, පොස්පරස් , සහ පොටසියම් අඩංගු රසායනික හෝ ඛනිජ පොහොර නිෂ්පාදන මෙරටට ගෙන්වීමට මෙම ගැසට් නිවේදනය මගින් අවසර ලබා දී තිබේ.

රසායනික නයිට්‍රිජන් පොහොර හෝ කැල්සියම් කාර්බෝනෙට් යෙදූ නයිට්‍රිජන් පොහොර ගෙන්වීමට සහ සුපර් පොස්පේට් ඇතුළු පොස්පේට් වර්ග ද , නයිට්‍රිජන් සහ පොස්පේට් කළවම් පොහොර වර්ග ද ගෙන්වීමට මේ අනුව අවසර ලබා දී තිබේ.

රසායනික පොහොර මගින් වගාවට ලබා දෙන ප්‍රධාන රසායනික වන්නේ නයිට්‍රිජන්, පොටෑසියම් සහ පොස්පරස් ය. එම රසායනික තුන ම ගෙන්වීමට මේ අනුව අවසර හිමි වනු ඇත.

යුරියා පොහොර ගෙන්වීමට ද මේ අනුව අවසර ලැබෙන බව කියති.

මෙම අවසරය ජුලි 31 දින සිට ක්‍රියාත්මක බව ද සඳහන් ය.

සියලුම වර්ගයේ රසායනික පොහොර තහනම් කරමින් රජය කලින් නිකුත් කොට තිබු නීති මේ අනුව වෙනස් කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *