|

ජනාධිපතිතුමනි, ඔබට ලැබෙන තොරතුරු වැරදියි ; වන්දිභට්ටයින් දෙන ලණු කන්න එපා ! – එජාපයේ නවීන් දිසානායකගෙන් ජනාධිපතිතුමාට අවවාද

කෙනෙකු ජනාධිපති වූ විට බොහෝ දෙනා වට වී ස්ත්‍රෝත්‍ර කියන්නට පටන් ගන්නා  බවත් , ඔවුන් ජනාධිපතිතුමාට නිවැරදි තොරතුරු ලබා නොදෙන බවත්, ජනාධිපතිතුමා ඔවුන් දෙන වැරදි තොරතුරුවලට ඇහුන්කන් නොදිය යුතු බවත් , එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය, නවීන් දිසානායක මහතා ප්‍රකාශ කරයි.

රටේ බොහෝ ප්‍රශ්නවල දී ජනාධිපති තුමාට නිවරදි තොරතුරු නොලැබෙන බව පෙනීයන බවත්, විශේෂයෙන් කොවිඩ් ප්‍රශ්නය මේ වනවිට සම්පුර්ණ අවුල් ජාලයක් බවට පත්ව තිබෙන්නේ මේ හේතුව නිසා බවත් ඒ මහතා ප්‍රකාශ කළේ ය.

රසායනික යොදා කළ කෘෂි නිෂ්පාදන ගැන ලෝකයේ කිසි ම පැමිණිල්ලක් නොතිබූ බවත්, එය නවතා සම්පුර්ණ කාබනික ගොවිතැනට යෑමේ තීරණය විනාශකාරී බව තමන් කියන්නේ කිසිදු දේශපාලන හේතුවක් නිසා නොව අත්දැකීම් මත බවත්, ඒ මහතා කී ය. මෙබඳු ප්‍රශ්න ගැන ජනාධිපතිතුමාට වැරදි අදහස් සහ තොරතුරු ලබා දෙන්නේ එතුමාට කිට්ටු වී සිටින පිරිසක් බවත් කී දිසානායක මහතා කෘෂිකර්මයේ දී අප යා යුතු වන්නේ ඊශ්‍රායලයේ පවතින ආකාරයේ දියුණු කෘෂිකර්මයකට බව ද ප්‍රකාශ කළේ ය.

එමෙන් ම, ජනාධිපතිතුමා පළමුවෙන් ම කළ යුතු වන්නේ මිලිටරිකරණය නවතා දැමීම බවත්, මිලිටරිකරණය මෙරට දී කිසිසේත් සාර්ථක නොවන බවත්, නවීන් දිසානායක මහතා වැඩි දුරටත් කී ය.

අන්තර්ජාලයේ SLVLOG වෙබ් අඩවියේ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ය.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *