කොරෝනා ගැන බ්‍රතාන්‍ය සම්ප්‍රදායට යන්න රනිල්ගේ යෝජනාවට ආණ්ඩුව එක පයින් කැමති වෙයි !

බ්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ මෑතක සිට ක්‍රියාත්මක සම්ප්‍රදායයකට අනුව යමින් පාර්ලිමේන්තුව රැස්වන සෑම සතියක ම එවිට පවතින කොරෝනා තත්ත්වය පිලිබඳ සම්පුර්ණ වාර්තාවක් සෞඛ්‍ය ඇමතිතුමිය විසින් සභාවට ඉදිරිපත් කළ යුතු බවට එජාප මන්ත්‍රී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාව ආණ්ඩුව අද එක හෙළා පිළිගත්තේ ය.

පාර්ලිමේන්තුව අද රැස් වූ අවස්ථාවේ දී රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර ඒ මොහාතේ ම නැගී සිටි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එම අදහස තමන් ද අනුමත කරන බව ප්‍රකාශ කළේ ය.

ඒ අනුව පාර්ලිමේන්තුව රැස්වන සෑම අඟහරුවාදා දිනක ම ඒ වනවිට පවතින කොවිඩ් තත්ත්වය පිලිබඳ සම්පුර්ණ වාර්තාවක් සෞඛ්‍ය ඇමතිනිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *