අද කොවිඩ් මරණ 67 ක් ; නව ආසාදිතයින් 2490 ක්

අද දිනයේ රජය නිකුත් කළ නිල වාර්තා අනුව තවත් කොවිඩ් මරණ 67 ක් තහවුරු කොට ඇත.

ඒ අනුව මේ වනවිට මෙරට සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 2,508 කි.

නව කොවිඩ් ආසාදිතයින් 2,490 ක් අලුතින් හඳුනා ගත් බව ද වාර්තා වෙයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව නිල සංඛ්‍යා ලේඛන අනුව සටහන් වන්නේ 311,329 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *