කොවිඩ් ව්‍යාප්තිය ඉහළට ! මරණ 63 යි ; නව ආසාදිතයින් 1919 යි

කොවිඩ් ව්‍යාප්තියේ වැඩිවීමක් පෙන්නුම් කරමින් අද කොවිඩ් මරණ සංඛ්‍යාවේ සහ නව ආසාදිතයින් සංඛ්‍යාවේ ද පැහැදිලි ඉහළ යාමක් වාර්තා වී ඇත.

අද දිනයේ නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 63 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 4,258 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ වාර්තා වී ඇති නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 1,919 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 301,811 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් ආසාදිත සංඛ්‍යාවල පැහැදිලි ඉහළ යාමක් පසුගිය දිනවල වාර්තා වී ඇති අතර ප්‍රධාන රෝහල්වල කොවිඩ් ප්‍රතිකාර සඳහා වෙන් වූ වාට්ටු පිරී ගොස් ඇති බව ද වාර්තා වී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *