ප්‍රශ්නයට පිළිතුර රිෂාඩ්ට ගල් ගැසීමද ? – අනුර සූරියබණ්ඩාර

රිෂාඩ් බදියුදීන් ගේ නිවෙසේ මෙහෙකාර දැරියක මියයාමත් සමඟ මෙරට ළමා අපචාර පිළිබඳ සංවාදය තවත් වටයකින් ඉස්මතු වී තිබේ .ඇතැමුන් විපක්ෂනායක වරයාට බදියුදීන් මහතා සමගි ජන බලවේගයෙන් ඉවත් කරන ලෙස අභියෝග කරති . ඒ අතර ඔවුන්ම උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාස භංගයේදී බදියුදීන් මහතාගේ කණ්ඩායමේ පිරිසකගේ සහය ලබාගෙන තිබේ .මෙය එක් ආකාරයකින් මෙරට දේශපාලනයේ විකට රූපී බව ප්‍රකාශමාන කරන අවස්ථාවක් වශයෙන්ද ගත හැකි වන්නේ එහෙයිනි.මරණයට පත් වූ දැරිය උඩරට වතුකරයේ පදිංචිකාරියකි . එම ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරයකු වන වඩිවේල් සුරේෂ් උද්ඝෝෂණයකට සහභාගී වෙමින් කියනු පෙනුණේ , දැරියගේ දූෂණයටත් මරණයටත් වගකිය යුතු අය⁣ සෞදියේ නීතිය අනුව ගල් ගසා මරා දැමිය යුතු බවය . ගැටලුව වන්නේ අදාළ තැනැත්තන්ට ගල් ගසා මරා දැමීමෙන් ගැටලුව නිරාකරණය කළ හැකිද යන්නය .

දැරිය මෙහෙකාර සේවයට යොදවා ඇත්තේ ඇගේ මවුපියන්ගේ අනුදැනුම මතය . ඔවුන් ඇය මෙහෙකාර සේවයට යොදවා ඇත්තේ , ණයක් ගෙවීමට මුදල් උපයා ගැනීමේ අරමුණ පෙරදැරි කරගෙනය . දැරියගේ පවුලේ දරිද්‍රතාවය සහ ණයබර දැරියගේ මරණය⁣ කෙරෙහි බලපෑ මූලික සාධකයක් බව මෙහිදී හඳුනා ගත හැකිය .ඇඟලුමි කර්මාන්තයේ සහ විදෙස් රැකියා ක්ෂේත්‍රයේ නැඟීම දක්වා මෙරට ආර්ථිකයේ කොඳුනාරටිය හෙවත් ප්‍රධාන විදේශ විනිමය ඉපැයුම් මාර්ගය වූයේ තේ , පොල් , රබර්ය ; එනම් වැවිලි කර්මාන්තයය . වැවිලි කර්මාන්තයේ ජීවනාලිය වතු කම්කරු ජනතාවය .මෙරට ආර්ථිකය කෙරෙහි එවන් තීරණාත්මක බලපෑමක් කරන වතු කම්කරු ජනතාව අදත් ගෙවන්නේ අතිශය දුෂ්කර ජීවිතයකි .දිනෙක වැටුප රුපියල් දහසක් දක්වා ඉහළ නංවා ගැනීමට ඔවුන් කළ අරගලය සහ ඊට ආණ්ඩු සහ වතු සමාගම් දැක්වූ ප්‍රතිචාරය අනුව වතුකම්කරු ජනතාව කෙරෙහි ඔවුන් දක්වන ඇල්මැරුණු පිළිවෙත පෙන්නුම් කෙරිණ .

අපරාධකාරයන්ට ගල් ගසන්නට යෝජනා කරන වඩිවේල් සුරේෂ් වැන්නන්ද වතු කම්කරුවන්ගේ දරිද්‍රතාව තුරන් කරන්නට කර ඇති දෙයක් නොමැති බව පැහැදිලිය . වතුකරයේ දැරියන් හෝ දරුවන් හෝ වහල් මෙහෙයට යෙදවීම වැළැක්වීමට අවංකව කැපවන අයකු වෙත්නම් මුළින්ම කළ යුතුව ඇත්තේ ඔවුන්ගේ ජීවන ගැටලු වලට තිරසාර විසුඳුම් ලබාදීමය .එහිදී ප්‍රධාන වන්නේ ජීවත් වීමට සරිලන වැටුපක් ඔවුනට ලබා දීමය . ඊට අමතරව ඔවුන්ගේ නිවාස , අධ්‍යාපන , සෞඛ්‍ය ගැටලුද විසඳිය යුතු වනු ඇත .වතුකරය සහ වතුකම්කරු ජනතාව නියෝජනය කරන දේශපාලකයන් මෙතෙක් ඒ සඳහා සැලකිය යුතු තරමේ නොව කිසිදු ආකාරයක සාධනීය පියවරක් ගෙන නැත .

අපරාධකාරයන්ට ගල් ගසන්නට යෝජනා කරන වඩිවේල් සුරේෂ් වැන්නන්ද වතු කම්කරුවන්ගේ දරිද්‍රතාව තුරන් කරන්නට කර ඇති දෙයක් නොමැති බව පැහැදිලිය . වතුකරයේ දැරියන් හෝ දරුවන් හෝ වහල් මෙහෙයට යෙදවීම වැළැක්වීමට අවංකව කැපවන අයකු වෙත්නම් මුළින්ම කළ යුතුව ඇත්තේ ඔවුන්ගේ ජීවන ගැටලු වලට තිරසාර විසුඳුම් ලබාදීමය .එහිදී ප්‍රධාන වන්නේ ජීවත් වීමට සරිලන වැටුපක් ඔවුනට ලබා දීමය . ඊට අමතරව ඔවුන්ගේ නිවාස , අධ්‍යාපන , සෞඛ්‍ය ගැටලුද විසඳිය යුතු වනු ඇත .වතුකරය සහ වතුකම්කරු ජනතාව නියෝජනය කරන දේශපාලකයන් මෙතෙක් ඒ සඳහා සැලකිය යුතු තරමේ නොව කිසිදු ආකාරයක සාධනීය පියවරක් ගෙන නැත .

වඩිවේල් සුරේෂ්ලා සෞදි නීති ක්‍රියාවේ යෙදවීමට කරන යෝජනා ගැලරිය පිනවා ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට කරන ප්‍රකාශ මිස වැදගැම්මක් ඇති කතා නොවන්නේ එහෙයිනි .ඇත්තෙන් කියතොත් සෞදි නීතිය අනුව ගල් ගැසිය යුතු ලේඛනයේ වඩිවේල් සුරේෂ් වැන්නන්ගේ නම්ද මුලටම තිබේ . ඒ දැරිය දූෂණය කිරීමට හෝ මෙහෙකාර සේවයට යෙදවීමට ඔවුන් සම්බන්ධ නිසා නොව , මෙහෙකාර සේවයට ගොස් දූෂණයට ලක්ව මිය යන තත්වයට ඔවුන් පත් කිරීම සම්බන්ධයෙන් වගකිය යුතු පිරිසට වඩිවේල් සුරේෂ්ලාද අයත් වන නිසාය .

අදාළ දැරිය මෙහෙකාර සේවයට සැපයූ තැරැව්කරු විසින් තවත් දැරියන් එකොළොස් දෙනකු මෙහෙකාර සේවය සඳහා සපයා ඇති බව කියැවේ . ඉන් පැහැදිලි වන්නේ , කිසිවකුගේ ඇස නොගැටුණු මිනිස් වෙළෙඳාමක් ක්‍රියාත්මක බවය . රිෂාඩ්ගේ නිවසේ දැරිය එහි පළමු හෝ අවසන් ගොදුර නොවේ . හෙටත් ඔහු හෝ වෙනත් අයකු හරහා එය ක්‍රියාත්මක වනවා සේම මේ මොහොතේ පවා රටේ කොතැනක හෝ දරුවන් දැරියන් මෙහෙකාර සේවයේ යෙදවෙන බව කටුක සත්‍යයයි .

හියුමන් රයිට් වොච් වාර්තාවකට අනුව දෙමළ කාන්තාවන්ට එරෙහි ආරක්ෂක හමුදාවන්හි ලිංගික ප්‍රචණ්ඩත්වය ගැටුම් අවසන් වූවාටත් පසුව පවා අවසන් වී නැත . එම සංවිධානය පවසන ආකාරයට ශ්‍රී ලංකාවේ නිල සහ රහසිගත රැඳවුම් මධ්‍යස්ථානවලදී හමුදාව , පොලිසිය , ආණ්ඩුවට සහය දක්වන දෙමළ සන්නද්ධ කණ්ඩායම් විසින්  2006 -2012 අතර කාලයේ සිදු කළ දූෂණ සහ ලිංගික අපචාර සිද්ධි 75 ක් පිළිබඳ එම සවිස්තරාත්මක තොරතුරු එම වාර්තාවෙහි ඇතුළත්ය .

ජාතික ළමාරක්ෂක අධිකාරියේ දත්ත අනුව 2015 වසරේ වාර්තා වී ඇති ළමා අපචාර සංඛ්‍යාව 12000කි . ලිංගික අඩන්තේට්ටම් 735 ක් සහ ස්ත්‍රී දූෂණ 433ක් ඊට ඇතුළත්ය . ජාතික ළමාරක්ෂණ අධිකාරිය පවසන ආකාරයට එවැනි සිද්ධි අතරින් වාර්තා වන්නේ 0.15% පමණි .මෙකී දත්ත අනුව මෙරට ළමා අපචාරවල සැබෑ ස්වරූපය හඳුනා ගත  හැකිය .

ජාතික ළමාරක්ෂක අධිකාරියේ දත්ත අනුව 2015 වසරේ වාර්තා වී ඇති ළමා අපචාර සංඛ්‍යාව 12000කි . ලිංගික අඩන්තේට්ටම් 735 ක් සහ ස්ත්‍රී දූෂණ 433ක් ඊට ඇතුළත්ය . ජාතික ළමාරක්ෂණ අධිකාරිය පවසන ආකාරයට එවැනි සිද්ධි අතරින් වාර්තා වන්නේ 0.15% පමණි .මෙකී දත්ත අනුව මෙරට ළමා අපචාරවල සැබෑ ස්වරූපය හඳුනා ගත  හැකිය . 

අන්තර් ජාලය ඔස්සේ 15 හැවිරිදි දැරියක් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමක් වාර්තා වූයේ ජූලි 25 දාය . මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ නියෝජ්‍ය සභාපතිවරයාද එකී සිද්ධිය සඳහා අත්අඩංගුවට ගත් පිරිස අතර සිටී .එහෙත් රිෂාඩ්ට අද නැගෙන රැල්ල එකී තැනැත්තාට එරෙහිව නැඟෙන්නේ නැත .හේතුව මිහින්තලේ දේශපාලකයා සිංහල වී රිෂාඩ් මුස්ලිම් වීමද යනු පැහැදිලි නැත .

එක්කරා කාලයක ප්‍රාදේශීය දේශපාලන බලවතුන් දැරියන් අපහරණය කර වාර්තා තබන්නට උත්සාහ කළ ආකාරයද මෙහිදී සිහියට නැගේ . එකල ඒ තැනැත්තන්ට එරෙහිව නීතිය ඇල්මැරී තිබූ බවද ජනතාවට අමතක විය නොහැකිය .මෙවර රිෂාඩ්ට එරෙහිව අවි අමෝරන්නන්ද එකල ඒ පාලනය යටතේ නිහඬව සිටියේය . එකල නිහඬව සිටි නිසා මෙකලත් නිහඬ විය යුතුයැයි ඉන් අදහස් කරන්නේ නැත . දැනට පැවසෙන තොරතුරු සත්‍ය නම් රිෂාඩ් ඇතුළු සියල්ලන්ට උපරිම දඬුවම් පැමිණවිය යුතුය .මෙරට පොලිසිය ගොරකා දඩමස් කරන්නට දක්වන දක්ෂතාව අනුව මැදිහත් පුරවැසියකුට පොලිසියේ ප්‍රකාශ එකහෙළා පිළිගැනීමද එතරම් පහසු නැත .මාධ්‍ය සම්බන්ධව තත්වයද එසේමය. දොස්තර සාෆි, කැලණියේ නයා වැනි සිද්ධි වාර්තා කළ ආකාරය අනුව එය පැහැදිලිවේ .සිතිය යුතුව ඇත්තේ රිෂාඩ් බදියුදීන් සිංහල වී නම් , හෝ ඔහු ආණ්ඩු හිතවාදී විණි නම්⁣ මේ විරෝධතා රැල්ල මේ ආකාරයෙන්ම පවතිනු ඇතිද යන්නය .

මෙරට පොලිසිය ගොරකා දඩමස් කරන්නට දක්වන දක්ෂතාව අනුව මැදිහත් පුරවැසියකුට පොලිසියේ ප්‍රකාශ එකහෙළා පිළිගැනීමද එතරම් පහසු නැත .මාධ්‍ය සම්බන්ධව තත්වයද එසේමය. දොස්තර සාෆි, කැලණියේ නයා වැනි සිද්ධි වාර්තා කළ ආකාරය අනුව එය පැහැදිලිවේ .සිතිය යුතුව ඇත්තේ රිෂාඩ් බදියුදීන් සිංහල වී නම් , හෝ ඔහු ආණ්ඩු හිතවාදී විණි නම්⁣ මේ විරෝධතා රැල්ල මේ ආකාරයෙන්ම පවතිනු ඇතිද යන්නය .

දැරියක දූෂණය වී මියයාම , බාල වයස්කාර දැරියක මෙහෙකාර වෘත්තියේ යෙදවීම දේශපාලන බල අරගලය තුළ වාසි අවාසි මත පදනම්ව ඉස්මතු විය යුතු හෝ යට යා යුතු සංසිද්ධියක් නොවේ .සමස්ත සමාජයම පිළිකුලෙන් හෙළා දැකිය යුතු සමාජ ඛේදවාචකයකි .සිංහල ,  දෙමළ , මුස්ලිම් කවරකු කළද වරද වරදකි .

යාපනයේ විද්‍යා දැරියගේ සිද්ධියෙන් පසුවද රටේ මෙවැනිම විරෝධතා රැල්ලක් මතුවිය . එහෙත් විරෝධතා බැස ගියා මිස ළමා අපචාර හෝ දැරියන් දූෂ්‍ය වීම නතර වී නැත .මේ ලියන මොහොතේ අතුරලියේ රතන කියන්නේ විපක්ෂය රිෂාඩ්ට විරුද්ධව විශ්වාස භංගයක් ගෙන ආ යුතුය කියාය .රිෂාඩ්ට විරුද්ධව විශ්වාස භංගයක් ගෙන ඒමෙන් ආණ්ඩුවේ දේශපාලන ප්‍රශ්නය විසඳෙනු ඇති නමුත් , දැරියන් දූෂ්‍ය වීම , දැරියන් ගණිකා වෘත්තියට විකණීම , දැරියන් මෙහෙකාර සේවයේ යෙදවීම ආදි සමාජ ප්‍රශ්න විසඳෙන්නේ නැත .

තවත් අතකින් ගත් කල දරුවන්⁣ කෙලෙසන්නන්ට දඬුවම් දීම මෙන්ම දරුවන් ආරක්ෂා කිරීමද ආණ්ඩුවක වගකීමකි . ආණ්ඩුවේ අය හැසිරෙන ආකාරය අනුව එවැනි වගකීමක් පිළිබඳ හැඟීමක් ඔවුනට ඇති බවක් පෙනෙන්නේ නැත .

ඇතැම් මාධ්‍ය සඳහන් කරන ආකාරයට පොලිසිය රිෂාඩ් ගේ නිවස පරීක්ෂා කර ඇත්තේද ප්‍රමාදයකින් යුතුවය . ඒ සම්බන්ධයෙන් පොලීසිය බාර ඇමැතිටද , ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධ ඇමැතිටද ළමාරක්ෂක අධිකාරියටද වගකීමෙන් මිදිය නොහැකිය .

ඒ නිසා මේ මොහොතේ සියල්ලන් කළ යුත්තේ , දූෂ්‍ය වී මියගිය දැරිය දේශපාලන වාසි සඳහා තොරොම්බල් කිරීම නොව ,  අනාගතයේ මෙවැනි දේ සිදු නොවන ආකාරයට ළමයින්ට සැබෑ ආරක්ෂාවක් සැලසිය හැකි වන ආකාරයේ වැඩ පිළිවෙළක් සකස් කොට ක්‍රියාවේ යෙදවීමය .

ඒ නිසා මේ මොහොතේ සියල්ලන් කළ යුත්තේ , දූෂ්‍ය වී මියගිය දැරිය දේශපාලන වාසි සඳහා තොරොම්බල් කිරීම නොව ,  අනාගතයේ මෙවැනි දේ සිදු නොවන ආකාරයට ළමයින්ට සැබෑ ආරක්ෂාවක් සැලසිය හැකි වන ආකාරයේ වැඩ පිළිවෙළක් සකස් කොට ක්‍රියාවේ යෙදවීමය . 

අනුර සූරියබණ්ඩාර

 

Pkoto – Ada Derana

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *