නැවත කරලියට ආ සිරිමාවෝ – නිශාන්ත කමලදාස

ජාතියේ පියා ඩී එස් වුව ද අප්පච්චී වූයේ මහින්ද ය. ඒ ආකාරයෙන් ම සිතන්නේ නම් සිරිමාවෝ ජාතියේ මව ලෙස ද සැළකිය හැක්කේ ය. ඇතැම් මිනිසුන් විසින් එසේ සළකනු ලබන්නේ ය. පියා වේවා මව වේවා කොතෙක් දුර්වල කම් තිබුන ද, ඔවුන් මිය ගිය පසු වුව ද, අපේ සිත තුළ නැවත ජීවමාන වන්නේ ඔවුන් ගැන යහපත් සිතුවිලි මතු කරලමිනි. ඒ තත්වය මේ හැම දෙනාට ම අදාළ ය.

අද අපේ මාතෘකාව ඒ ඉහත සඳහන් කළ “ජාතියේ අම්මා” ගැන ය.

අම්ම මෝ නැතිව මිනිසුන් එ කල බැන්නේ ද ඒ අම්මාට ය. ඒ තමන් බඩගින්නේ තැබීම ගැන ය. පෝලිම් වල රස්තියාදු කිරීම ගැන ය. ගන්නට හරි හමන් බඩුවක් නැතිව ගත කල ඒ යුගය එකල පැසසූ අය හිටියේ අඩුවෙනි. ඒ බව බොහෝ දෙනෙකු එකල දැන සිටිය ද රටට ම ප්‍රදර්ශනය වූයේ 1977 මැතිවරණයේ ප්‍රතිඵලත් සමග ය.

එහෙත් ඒ යුගය දැන් දැන් සාධනීය ව දකින කොටසක් බිහි වී තිබේ. ඒ විදේශ විනිමය අර්බුදයත් සමග ආනයන සීමා කරන්නට සිදු වුන තත්වය යටතේ ය.

තමන්ට ගුටි බැට දුන් ගුරුවරුන් වන්දනා කරන බොහෝ දෙනා මෙන් සිරිමාවෝ එදා දුක් දුන්නේ වුව ද ඒ සියල්ල කළේ අනාගත දැක්මක් ඇති ව බවත් ඒ ප්‍රතිපත්තිය දිගට ම ගෙන ගියේ නම් අද ලංකාව සුරපුරයක් වන බවත් අපට වැරදුනේ ඇයව පරාජය කිරීම නිසා බවත් කියනු දැන් දැන් ඇසේ. එයිනුත් නොනැවතී ඒ අය ඉඟි කරන්නේ අද වුව ද ඒ ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ නම් හෙට දවස ජය ගත හැකි බව ය.

මේ සිරිමාවෝගේ අවතාරය නැවත මතු වීමට තුඩු දුන්නේ මතු වූ කෝවිඩ් වසංගතය ය. ඒ තුළ ලොව ඇති ව තිබූ සාමාන්‍ය සම්බන්ධතා අර්බුදයට යෑම හේතු කර ගෙන ය. ඒ හරහා ඇති වූ අනාරක්ෂිත තාවය හේතු කොට ගෙන ය.

ස්වයං පෝෂිත ලංකාවක් ගැන පමණක් නොව ස්වයං පෝෂිත නිවසක් ගැන පවා මිනිසුන් සිහින දකින්න පටන් ගත්තේ ඒ අනුව ය. ගෙවතු වගාව ආකර්ෂණීය සටන් පාඨයක් බවට පත් වූයේ ඒ ස්වයං පෝෂිත සිහිනය පොළොව මත ක්‍රියාත්මක කරන්නට වුවමනා වුනු තැන ය. ඒ රට ලොක්ඩවුන් කිරීම නිසා වෙළඳ පොල අකර්මණ්‍ය වීමත් සමග ය.

වසංගතය අවසන් වීමටත් පෙර ම ඒ උත්සහය යට ගියේ ය. දැනටමත් ගෙවතු වගා ආරම්භ කළ අයගෙන් කිහිප දෙනෙකු ඇර සෙසු අය එය පහසු නොවන බව වටහා ගෙන සිටිති. සංචරණ සීමා ලිහිල් වී නැවත සාමාන්‍ය ජීවිතයට පැමිණීමත් සමග බොහෝ තැනක වල් පැල විසින් ද නොයෙකුත් සතුන් හා කෘමීන් විසින් ද ගෙවතු වගාව ආක්‍රමණය කිරීම හේතුවෙන් ඒ වගාව හේලී මෑලී වි ගොස් තිබෙන අයුරු දැක ගත හැකි ය.

ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමය අතීතයට අයත් එකකි. එදා ගම සාපේක්ෂව ස්වයං පෝෂිත විය. සාපේක්ෂව යැයි කීවේ එදා පවා ලුණු රෙදි පිලි ආදිය ගමට ආවේ පිටින් නිසා ය.

ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමය අතීතයට අයත් එකකි. එදා ගම සාපේක්ෂව ස්වයං පෝෂිත විය. සාපේක්ෂව යැයි කීවේ එදා පවා ලුණු රෙදි පිලි ආදිය ගමට ආවේ පිටින් නිසා ය.

ස්වයං පෝෂණය පිළිබඳ සංකල්පය මිනිසුන්ගෙන් කෙමෙන් දුරු වූයේ විශේෂාංගීකරණයත් සමග ය. ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත වෙනින් අනික් දෙයකට අනිකෙක් සමත’’ යන සුබාශිත කතුවරයාගේ කවිය මතක් කර ගන්නේ නම් ඒ අවබෝධය අද ඊයේ ලද්දක් නොවන බව ඔබට පැහැදිලි වනු ඇත.

වෙන දෙයකින් බැරි නම් ආහාර අතින් වත්, තනි තනි ගෙවල් හැටියට නැතත් රටක් වශයෙන් වත්, ස්වයං පෝෂිත විය නොහැකි ද යන ප්‍රශ්නය මේ ගැන අසන බොහෝ දෙනෙකුට මතුවන සාධාරණ ප්‍රශ්නයකි. ඒ ආහාර වත් පිටරටින් එන තෙක් බලා නොසිට අපට හදා ගත හැකි නම් මැරෙන්නේ නැති ව ජීවත් විය හැකි ය යන සාධාරණ අදහසට අනුව ය.

එහෙත් ප්‍රශ්නය වන්නේ පිටරටින් ආනයනය කරන්නට නොහැකි වූ දිනෙක අපට මුලින්ම අහිමි වන්නේ ඉන්ධන වීම ය. ඉන්ධන අහිමි වූ කල අප සාගතයෙන් මිය යනු ඇත්තේ ලංකාව තුළ සහල් තියාගෙන ය. අම්පාරේ හෝ පොළොන්නරුවේ හාල් කොළඹ නොආවොත් වෙන්නේ එවැන්නකි. ඒ නිසා තියෙනවා යැයි කියන, තියා ගත යුතු යැයි කියන, ආහාර සුරක්ෂිතතාවය මිරිඟුවකි. බොරුවකි. ආහාර අතින් ස්වයං පෝෂිත නොවන බොහෝ රටවල් මේ සඳහා කරනුයේ අතිරික්ත තොග  buffer stocks පවත්වා ගැනීම ය. ආහාර පමණක් නොව ඉන්ධන සඳහා ද එවන් අතිරික්ත තොග පවත්වා ගෙන යෑම ය.

වවන්න හැකි යමක් ගෙවත්තේ හෝ රටේ වගා කර ගන්නා එකේ කිසිදු අවුලක් නැත. තේරුම් ගත යුත්තේ හැම දෙනාට ම, හැම රටකට ම, හැම දෙයක් සම්බන්ධයෙන් ම, එසේ කළ නොහැකි බව ය. සියල්ල මෙහි වගා කර ගත යුතු ය, ඒ හරහා අපට බඩ ගින්නේ නොමැරී ජීවත් විය හැකි ය, යන සංකල්පය නම් මිත්‍යාවක් පමණක් ය යන්න අප තේරුම් ගත යුතු ය.

අප අද ජීවත්වන්නේ එකිනෙකා මත රඳන ලෝකයක ය. අපට වඩාත් හොඳින් කළ හැක්කේ කුමක් ද අප විසින් එය කළ යුතු යැයි සිතිය යුතු ලෝකයක ය. ඒ දෙය විකුණා අපට අවශ්‍ය දේ ඒ දෙය වඩාත් හොඳින් නිපදවිය හැකි තැනකින් ඒ ලැබෙන මුදල් භාවිතා කොට මිලට ගත යුතු යැයි පසක් කළ අන්තර් පැවැත්මක් ඇති ලෝකයක ය. තමන්ට අවශ්‍ය දේ තමන් නිපදවා ගත් යුගය තිබුනේ බොහෝ ඈත ය.

සිරිමාවෝට රට නංවන්නට වුවමනාවක් තිබෙන්නට ඇත. ඇය අවංකව ඒ ගැන වෙහෙස වූවා ද විය හැකි ය. මිනිසුන්ගේ බැණුම් අසමින් ඒ ගැන කැප වූ බව ද ඇත්ත විය හැකි ය. එහෙත් ඒ ගත් පියවර ඥානවන්ත බවක් ඒ එකකින් වත් ගම්‍ය නොවන්නේ ය.

සිරිමාවෝගේ ඒ භූමිකාව හරියට සිසුන්ගේ දියුණුව උදෙසා ඔවුන්ට දඩුවම් දුන් ගුරුවරුන්ගේ භූමිකාවට ම සමාන ය. අරමුණ හොඳ වෙන්නට පුළුවන. එහෙත් සිසුන්ගේ දියුණුව සැලසීම සඳහා ගුටි බැට දීමට වඩා සුදුසු ක්‍රම රාශියක් තිබේ. ගුටි බැට දීම නිසා ම පාසල එපා වූ ඉගෙනීම එපා වූ අය ඇමතිය හැකි නම් මේ අදහස අප වෙනස් කර ගන්නවා ඇත. සමස්ත පාසල ම මට එපා නොවූ නමුත් නැටුම් මෙන් ම ක්‍රීඩා ද මට එපා වූයේ එවැනි දඩුවම් දුන් ගුරුවරුන් ඒවා බාර ව සිටි නිසා ය. අවාසනාවට බොහෝ දෙනෙකුට ඒ අතීතය මතක නැත. පෝලිම් වල සිටි ගුල්ලො සහිත පාන් හා පිටි කන්නට සිදු වූ ඒ අතීතය ද අද බොහෝ දෙනාට අමතක ව ඇති සෙයින් ම ය.

සංඛ්‍යාලේඛන විමසූ විට පෙනෙන්නේ ඒ සියලු කැප කිරීම් වලින් පසුව ද රටේ වගාවේ පැහැදිලි වෙනසක් සිදු නොවූ බව ය. විවෘත ආර්ථිකය පැවති සමයේ රට තුළ කෘෂිකර්මයේ ඊට වඩා දියුණුවක් පෙන්නුම් කළ බව ය. සංඛ්‍යා ලේඛන විමසීමෙන් ඔබට ම මේ ගැන දැන ගත හැකි ය.

අද බලය ඉල්ලන ඇතැම් දේශපාලන බලවේගවල ද අවංක මිනිස්සු සිටිති. එහෙත් ඔවුන්ට නිසි දර්ශනයක් තිබේ ද? අප විමසිය යුත්තේ ඒ කාරණය ය. සිරිමාවෝ නැවත ගෙන එන්නට තතනන අය ගැන විශේෂයෙන් ම පරිස්සම් විය යුතු ය. ඒ පොදුවේ ඉදිරිපත් කරන දර්ශනය වත්මන් ලෝකය ට, ගෝලීයකරණය වූ ලෝකයක ට, හැත්තෑවේ දශකයට නොව අද දවසට, ගැලපේ දැයි සිතීමට අමතරව ය.

නිශාන්ත කමලදාස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *