මුදල් ඇමති බැසිල්ගෙන් මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර

මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබා දෙන බවට නව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට පොරොන්දු වී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව සියලු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර හිමිවන අතර ඔවුන්ට වාහන ආනයනයට අවසර ලැබෙයි. වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ද මෙම වාහන ගෙන්වීමට අදාළ නොවනු ඇති බව කියති.

ඉදිරියේ දී පැවත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයට පෙර වාහන ආනයනය කිරීම සඳහා මෙම බලපත්‍ර ඉක්මනින් ම ලබා දෙනු ඇතැයි ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග කියයි.

මැති ඇමතිවරුන් සඳහා සුඛෝපභෝගී වහාන ගෙන්වීමට ආණ්ඩුව පසුගිය දා කළ උත්සාහය බරපතළ මහජන විරෝධතා හමුවේ කල් දමනු ලැබී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *