‘සිරස’ අධිපති රාජා මහේන්ද්‍රන් මහතා කොවිඩ් රෝගය වැළඳී අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මාධ්‍ය ආයතනයක් වන සිරස මාධ්‍ය ජාලයේ සහ සීමාසහිත කැපිටල් මහරජා සමුහ ව්‍යාපාරයේ සභාපති රාජා මහේන්ද්‍රන් මහතා කොළඹ පෞද්ගලික රෝහලක දී අද උදේ අභාව ප්‍රාප්ත වී ඇත.

රාජා මහේන්ද්‍රන් මහතා ‘කොවිඩ් 19’ ආසාදනය වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.

ශ්‍රී ලංකා විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන කාර්යයක් ඉටු කරමින් සිටි  රාජා මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *