බුද්ධිමය හා සංනිවේදන හැකියාව රජයේ මාධ්‍යවලට නැහැ; ජනාධිපති මාධ්‍ය ඒකකය ඉතාමත් අසාර්ථකයි – ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

michael-fernando photo - 1වත්මන් ආණ්ඩුවට බලයට පත් වුයේ ජනතාවට දහසක් පොරොන්දු දී, සුරංගනා ලෝකයක් මවාපෑමෙන් බවත්, අද ඒවා ඉටු කර ගැනීමට නොහැකිව ආණුඩුව නන්නත්තාර වී ඇති බවත් දැන් දැන් ඇහෙන්න තියනව. රජයට ජනතාවගේ ජීවන වියදම අඩු කිරීමට, ජීවන තත්ත්වය න`ගා සිටුවීමට, රැුකීරක්‍ෂා ප‍්‍රශ්නය විසඳීමට, මුදලේ අගය වැඩි කිරීමට, උද්දමනය අඩු කිරීමට විධිමත් ආර්ථික වැඩපිළිවෙලක් තියෙනවද?

මට පෙනෙන විදිහට කිසිම ආර්ථික ප‍්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් නැති බවයි පෙනෙන්න තියෙන්නෙ. මේ ආර්ථික ප‍්‍රතිපත්ති තීරණය කරන්නෙ, මේ සැලසුම් ගෙනෙන්නේ, එක්සත් ජාතික පක්‍ෂයේ කණ්ඩායමක්. මුදල් ඇමති රවී කරුණානායක, අමාත්‍ය හර්ෂ ද සිල්වා, එරාන් වික‍්‍රමරත්න ඇතුළු පිරිසක්. ඒ ගොල්ල අතරත් එක`ගත්වයක් නැහැ මොන විදිහේ වැඩපිළිවෙලක් ගෙන ආ යුතු ද කියල. ඒ වගේම ආණ්ඩුවේ ප‍්‍රධාන පක්‍ෂ දෙක අතරත් එක`ගත්වයක් නැති බවයි පෙනෙන්න තියෙන්නෙ. එක එක පොරොන්දු දීල බලයට ආවට, ඒව ඉෂ්ට කරගන්න බැරි බව පොරොන්දු දෙන දිනවල නොදැන හිටියද දන්නෙ නෑ. දැන් නම් පැහැදිලිවම පේන්න තියෙනව එම පොරොන්දු ඉෂ්ට කරගන්න බැරි බවයි.

රනිල් වික‍්‍රමසිංහත්, මුදල් ඇමතිතුමාත් කිහිපවරක්ම කියා හිටියා ඔවුන් කරන්න යන්නේ 1977 දී ජේ.ආර්. ජයවර්ධන මහතා ආරම්භ කරපු ආර්ථික ව්‍යපෘතියේ තුන්වන පියවර බව. ඒ කියන්නේ නව ලිබරල්වාදී ප‍්‍රතිපත්තියේම දිගුවක්. එය මාග‍්‍රට් චැතර්ලා, රොනල්ඞ් රේගන්ලා අඳුන්වල දුන්න පැරණි ක‍්‍රමයක්. එය දැන් බටහිර ලෝකයත් ප‍්‍රතික්‍ෂේප කරල තියෙන ක‍්‍රමයක්. දැන් ඒ රටවලූත් ඒ ක‍්‍රමය අතහැරල. ඒ රටවලූත් පිළිඅරගෙන තියෙන්නෙ, රජය පාලනයට මැදිහත් වෙන, සමාජ සුභසාධන වැඩපිළිවෙලක් තියෙන, ජනතාව අතර ආදායම් පරතරය අඩු කරන, පරිසරයට හානි නොකරන සංවර්ධනයක්. ඒක තමයි අද පිළිගත් ක‍්‍රමය වෙලා තියෙන්නෙ.
මේ ගොල්ල කරන්න යන්නෙ ඒක නෙමේ. යල්පැනගිය නව ලිබරල්වාදී ක‍්‍රමය. ඒක කවදාවත් සාර්ථක වෙන්නෙ නැති බවයි මට කියන්න තියෙන්නෙ. ආණ්ඩුව කල්පනා කරන්නෙ ආර්ථිකය විවෘත කරල පිටරටවල ධනය රටට ගෙන්නගෙන ආර්ථිකය දියුණු කරන්න. ඒකෙන් වෙන්නෙ මේ රටේ තියෙන ධනයත් පිටරටවලට ඇදිල යන එක.         ඒක මේ රටේ නිෂ්පාදනවලට අනුබල දෙන. මේ රටේ කර්මාන්ත දියුණුකිරීමට අනුබල දෙන ක‍්‍රමයක් නෙමේ.

දැනට අපේ රටේ වෙළඳ ශේෂය ඉතාමත් පාඩු සහගත තත්ත්වයක තමයි තියෙන්නෙ. ඒ නිසා අපි බලන්න  ඕනෙ අපනයනය කරන භාණ්ඩ  ප‍්‍රමාණිකව වැඩි කරගන්න. ඒ වගේම අනවශ්‍යය ආනයන සීමා කරන්න. අඩුතරමින් අපේ රටේ නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ ආනයනය කිරීම සීමා කිරීමට පියවර ගන්න අවශ්‍යයි. අපේ රටට ගැලපෙන ආර්ථික ක‍්‍රමයක් සකස් කරගත යුතුයි. විවෘත ආර්ථිකයද? සමාජවාදයද? කියන මේ නම් අමතක කර අපේ රටට ගැලපෙන ආර්ථික ප‍්‍රතිපත්තියක් සූදානම් කරගත යුතුයි. එය අද කාලයට මෙන්ම ගෝලීය කරණ තත්ත්වයට ගැලපෙන අයුරින් නිර්මාණය කරගත යුතුයි. එහෙම නැත්නම් ආර්ථිකය ඉදිරියට යාමක් සිදු වෙන්නෙ නෑ.

එහෙම වැඩ පිළිවෙලක් ආණ්ඩුවට තියෙනවද?

රනිල් වික‍්‍රමසිංහ හිතුමතේ ඉදිරියට ගෙන යන ආර්ථික වැඩපිළිවෙලක් තමයි මහජනයා දක්කෙ. මහජනයාට යහපතක් සැලසෙන බවක්වත්, රටේ සංවර්ධනයට යමක් සිදු කෙකෙරනවාද කියාවත් පෙනෙන්න තිබුණෙ නෑ. දැන් සිවිල් සංවිධානවල මෙන්ම, රජය ඇතුළේ කණ්ඩායම් තුළත් අදහසක් මතුවෙලා තියෙනව, මේ ගෙනියන ආර්ථික ප‍්‍රතිපත්තිය වැරදියි, ආණ්ඩවට රටේ තිරසාර ආර්ථක සංවර්ධනයක් ඇති කරන තිරසාර ප‍්‍රනිපත්තියකි ඇති කළ යුතුයි කියල.

ආණ්ඩුව හදිසියේම ප‍්‍රකාශයක් කෙරුව වැට් බද්ධ 11% සිට 15% දක්වා ඉහළ දමන බවට. අගමැති රනිල් වික‍්‍රමසිංහ එහෙම කියනකොට, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියනව, එහෙම කරන්න දෙන්නෙ නෑ කියල. ඒකෙන් ප‍්‍රකාශ වෙනව නේද අගමැති පාර්ශවය හා ජනාධිපති පිළ වශයෙන් ප‍්‍රධාන කණ්ඩායම් දෙකක් ආණ්ඩුව ඇතුළෙ තියෙනව කියල.
මේ ආණ්ඩුව හැදිල තියෙන්නෙ ප‍්‍රධාන පක්‍ෂ දෙකකින්. ඒක ඇතුළෙ විවිධ මත තියෙන්න පුළුවන්. ඔවුන් තම තමන්ගේ මත ප‍්‍රකාශ කිරීමත් තමයි එයින් පෙනෙන්නෙ. ලෝක තත්ත්වයත් අවබෝධ කරගෙන, ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් ආරක්‍ෂා කරගෙන, ජනතාවගේ වියදම් අඩුකරන, ආදායම් වැඩි කරන ක‍්‍රියා මාර්ගයකට රජය ඉක්මනින්ම යායුතුයි. එම ආර්ථික ක‍්‍රමය හඳුන්වන නම මොකක්ද කියල හිතන්න අවශ්‍ය නැහැ. රටට ගැලපෙන ආර්ථික ක‍්‍රමයක් ඇති කර ගතයුතුමයි. එය අපේ රටේ මෙන්ම, ලෝව දක්‍ෂ ආර්ථික විශේෂඥයන්ගෙ උපදෙස් අරගෙන නිර්මාණය කරගැනීම සුදුයි. මට ලැබෙන සංඥා අනුව පෙනෙන්නේ ඒ මතයට රජය තුළින්ම කණ්ඩායමක අවදිවීමක් තියෙන බවයි.

ජනාධිපතිතුමා පොළොන්නරුවෙදි වැට් බද්ද සම්බන්ධයෙන් කරන ලද ප‍්‍රකාශයේදී සමහරු හිතුවා කණ්ඩායම් දෙක අතර ගැටුමක් ඇතිවෙයි කියල. ඇතැම් අයෙක් හිතුව, ‘‘රනිල් වික‍්‍රමසිංහ ගෙනියන ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලට ජනාධිපතිගෙ කතාව බාදාවක් වෙයි’’ කියල. එයින් ගත යුතු පණිවිඩය එසේ සිතිම නොවෙයි. ආණ්ඩුව රටට ගැලපෙන ආර්ථික ප‍්‍රතිපත්තියකට යායුතු බවයි.

රටේ ආර්ථික සංවර්ධනයක් ඇති නොවූ බව බොහෝ දෙනෙක් කිව්වත්, මානව හිමිකම් පැත්තෙන්, මාධ්‍ය නිදහස අතින් හා ජාතීන් අතර සංහිඳියාව පැත්තෙන් යම් සාධනීය වැඩ පිළිවෙලක් ඇති වූ බව ඔවුන් ද පිළිගන්නව. ඒ ටිකත් නැත්නම්, යහ පාලනයට වසර එකහාමාරක් ලබන්න ආසන්න වෙලත්, කරපු දෙයක් නෑ කියලයි ඇතැමෙක් කියන්නෙ.

ඒක මම දකින්නෙ වෙනස් විදිහකට. කවුරු මොනව කිව්වත් මේ රටේ ලොකු වෙනසක් ඇති වුනා. පුද්ගලික නිදහස, අධිකරණයේ ස්වාධීනත්වය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැවත පිහිටුවීම, මාධ්‍ය නිදහස වැනි දේවල් ඇති වුනා.

ආර්ථික අතින් ගත්තත්, ජාතික ප‍්‍රශ්නය ගත්තත්, සංස්කෘතික හා කලාව පිළිබඳ තත්ත්වය ගත්තත් මේ හැම එකකදීම රජය ගත්ත ක‍්‍රියාමාර්ගය අසාර්ථකයි. අසාර්ථක වීමට හේතුව මේ අයට මෙම කටයුතු කළමනාකරණය කරගැනීමේ හැකියාවක් නෑ. ඔවුන් කල්පනා කරන්නෙ තමන්ගේ හිතමිත‍්‍රයන් කිහිප දෙනෙකුට, නෑදෑයන්ට රැුකියාවල් දෙන්න මේව යොදාගන්නෙ කොහොම ද කියල. උදාහරණයක් විදිහට ගත්තොත් ජාතික ප‍්‍රශ්නය විසඳන්න ඇමතිවරු තුන්දෙනක් ඉන්නව. ඊට අමතරව ප‍්‍රධාන ආයතනයක්, හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය යටතේ තියෙනව. ඊට අමතරව මනෝ තිත්තවැල්ල යටතේ තවත් ආයතනයක් පිහිටවලා තියෙනව. ඒත් ඒ එකක් අතරවත් කිසිම සම්බන්ධතාවක්, අවබෝධයක් නැහැ. තියෙන්නෙ අවුල් සහගත තත්ත්වයක්. සාමය හා සමගිය සඳහා තිබෙන උවමනාවට ආධාර කිරීමට බලා සිටින විදේශි සංවිධාන පවා කවුරු මගින් ද උදව් කළ යුත්තේ කියල අන්දමන්ද වී සිටින තත්ත්වයකුයි අද ඇති වෙලා තියෙන්නෙ.
ජාතික සංහිඳියාවත් බිස්නස් එකක් වෙලා

යුද්දය පවතින කාලේ යුද්ධය බිස්නස් එකක් වුනා වගේ, සුනාමිය බිස්නස් එකක් වුනා වගේ, දැන් ජාතික සංහිඳියාවත් බිස්නස් එකක් වෙලා. මේ තත්ත්වය තව දුරටත් ඉදිරියට ගෙනයාම ඉතාමත් හානිදායකයි. මේ සඳහා ක්‍ෂණිකවම අවධානය යොමු කළ යුතුයි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට අවශ්‍ය වෙලා තියෙනව පක්‍ෂයේ බලය තහවුරු කර ගැනීමට. එක්සත් ජාතික පක්‍ෂය කල්පනා කරනව ඔවුන්ගේ බලය තහවුරු කරගෙන ඔවුන්ගේම ආණ්ඩුවක් පිහිටුවීමට. මෙය මේ විදිහට ගෙනයාම ඉතාමත්ම හානිදායකයි.
යහපාලන ප‍්‍රතිපත්තියක් වටා ජාතික ආණ්ඩුවකට එක් වූ සියලූම දෙනා එකතු කරගෙන ඉදිරියට යාම මිස වෙනත් කිසිම මාර්ගයක් නෑ. තමන්ගේ හිතවතුන්ට, ¥ෂිතයන්ට තැන දීම වැනි දේවල් කරන්නෙ නැතුව රටේ හයපත සඳහා ප‍්‍රතිපත්තියක් සකස්කරගතහොත්, ජනතාවගෙත් සහයෝගය ලැබෙයි, ලෝකයෙත් සහයෝගයත් ලැබෙයි, රටත් ඉදිරියට යයි. එහෙත් කළමණාකාරීත්වයේ ඇති ආකර්යක්‍ෂම තාව නිසාත්, ගජමිතුරු සංග‍්‍රහයත් නිසා තමයි සියල්ල කඩාකප්පල් වෙන්නෙ.

මරාගෙන මැරෙන බෝම්බ ජැකට් හා ආයුධ තැන් තැන් වලින් හමුවීම නිසා පසුගිය දා රටේ අවධානය වෙනතකට යොමුවුනා. ඔබ ප‍්‍රකාශ කරනව එය ඒකාබද්ධ විපක්‍ෂය විසින් සැලසුම් කර සිදුකරන ලද ක‍්‍රියාවන් බව. එය ඔප්පු කිරීමට සාධක තියෙනවද?

මේ වගේ දෙයක් කරනකොට සාධක සොයාගැනීමට නොහැකි විදිහටයි කරන්නෙ. මේ සිද්ධීන් කිහිපයත් එහෙමයි. පොලීසියෙ, හමුදාවෙ උසස් තැන්වල තවමත් ඉන්නෙ මහින්ද රාජපක්‍ෂය යුගයේ පත්කරපු අය. ඒ පැත්ත පාලනය කරන්නෙ ඒ අය. ඔවුන්ට ඒ පැතිවල යමක් කරන්න පුලූවන්කමක් තියෙනව. ඔවුන් මේ පුපුරන ද්‍රව්‍ය, ආයුධ සොයාගත්තට පස්සෙ ඒ ගැන දක්වපු ප‍්‍රතිචාර වලින් පැහැදිලි වෙන්නෙ  ඔවුන් එම සිද්ධීන් රජයට පහර ගැසීමට යොදාගත් බවයි. ඔවුන් කළ යුතුව තිබුණේ මේ පිළිබඳ සොයා බැලීමට රජයට සහය පළකරන්නයි. එයින් පෙනෙනවා ඔවුන්ගේ යටිකූට්ටු අදහසක් තියෙන බව. ඔවුන් සැලසුම් සහගතව කරපු වැඩක් කියල හිතන සැකය සාධාරණයි.

පසුගිය රජයට එල්ලවුනු බරපතලම කාරණාව තමයි දුෂණ හා මූල්‍ය අක‍්‍රමිකතා. පැනමා ලියකියවිලි හරහා මේ ආණ්ඩුවේ ඇතැම් අයගේ නම් ඉදිරියට එන බවක් ඇහෙන්න තියෙනව?

මේක අපේ රටට සීමා වූ දෙයක් නෙමේ. අද ¥ෂණ, මූල්‍යමය වංචා ජාත්‍යන්තර ජාලයක් බවට පත්වෙලා තියෙනව. පහුගිය ආණ්ඩුව තියෙද්දි මේ රට එම කටයුතුවලට මධ්‍යස්ථානයක් බවට පත්වුනා. ඒ තත්ත්වයෙන් රට මුදා ගැනීමට තව කාලයක් ගතවෙයි. ඒ සඳහා මේ යන ගමන වෙනස් කළ යුතුයි. කොමිස් සඳහා ටෙන්ඩර් දීම, කොටස් විකිණීම, ව්‍යාපාර හවුල්කරුවන් ඇතිකර ගැනීම නොකළ යුතුයි. විනිවිද භාවයකින් යුතුව, අවංකව කටයුතු කරන නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමකින් ඒ තත්ත්වය ඇති කරගන්න පුලූවන් නම් රටට යහපතක්.

ජනාධිපතිතුමා පසුගිය දා ජනමාධ්‍ය ගැන බරපතල ප‍්‍රකාශක් කරනව, ජනාධිපතිතුමා සම්බන්ධ පුවත් පවා හානිදායක අයුරින් පළ කරනව කියල. ‘‘පසුගිය රජය මෙන් බාධා නොකර, මාධ්‍ය නිදහස දුන් පමණින් එය අයුතු අන්දමින් පාවිච්චි කරන්න එපා’’ කියලත් දැනුම් දෙනව.

ජනමාධ්‍ය ගැන අවධානය යොමු කරපුවම පේනව සමහර මුද්‍රිත හා විiුත් මාධ්‍යය පැහැදිලිවම ජාතිවාදි මුහුණුවරකින් කටයුතු කරනව කියල.  ඔවුන් ජාතිවාදී හැ`ගීම් ඇවිස්සීම තුළින් මහින්ද රාජපක්‍ෂ නැවත බලයට පත්කිරීමේ උවමනාවක යෙදී සිටිනව. අනිත් පැත්තෙන් රජයේ මාධ්‍ය හා රජයට පක්‍ෂපාතීන් මාධ්‍ය පවා මෙහෙයවීම අසාර්ථක වෙලා තියෙනව නිවැරදි තත්ත්වය රටට පැහැදිලි කිරීමට. ඔවුන්ට බුද්ධිමය හා සංනිවේදන හැකියාව නෑ.

දේශපාලඥයන් හැම විටම බලාපොරොත්තු වන්නේ තමන්ව වර්ණනා කරනව දැකීමට. ඒ වර්ණනාවෙන් විතරක් යහපතක් වෙන්නෙ නෑ. වර්ණනාවට ලොල් වීම තමයි මහින්ද රාජපක්‍ෂගෙ විනාශයට හේතු වුනේ. එයින් අපි පාඩමක් ඉගෙන ගත යුතුයි. යම් විවේචනයක් සිද්ධ වෙනව නම් විවේචනයට කෝප වෙන එක නෙමෙයි නියම ක‍්‍රමය විය යුත්තේ. ජනාධිපතිතුමා වුවත් හිතන්න  ඕනැ ‘‘එතුමාව වර්ණනා කරන අය, එසේ වර්ණනා කරන්නේ අවංකවම රටේ තත්ත්වය යහපත් කරන්න එහෙම කරනවද? නැත්නම් පුද්ගලික ලාභ ප‍්‍රයෝජන තකා එහෙම කරනවද කියල. පුද්ගලික වාසි තකා වර්ණනා කරන අයට නොරැුවටිය යුතුයි. එන විවේචනවලට නිර්භයව මුහුණ දිය යුතුයි’’ කියන එකයි මගෙ නම් අදහස. ඒවාට පිළිතුරු දීම සඳහා බුද්ධිමත් මාධ්‍ය ඒකකයක් තිබිය යුතුයි. ජනාධිපති මාධ්‍යය ඒකකය ඉතාමත්ම අසාර්ථක එකක්.

සිරිමාවෝ බන්ඩාරණායකගෙ රජය 70 දශකය ආරම්භ කරන්නේ ස්වයං ආර්ථිකයකට රට ඔසවා තැබිය යුතුයි කියන සංකල්පනාව පෙරදැරිකර ගෙන. එයට සමගාමීව ජනතාවගේ රසවින්දනය ඉහළ නංවන ප‍්‍රබුද්ධ ගී රැුල්ලක්, ප‍්‍රබුද්ධ සංගීතයක්. සාහිත්‍යයයක්, සිනමාවක්, වේදිකා නාට්‍ය රැුල්ලක් රටේ ඇති වුනා. එහෙත් දෙවන නිදහස් අරගලය නමින් ඇති වූ පෙරළියට පසුව එහෙම පරිවර්තනයක් ඇති වුනේ නෑ. තවමත් ඉදිරියට යන්නේ තිබුණු කෂඩ සංස්කෘතික රැුල්ලම නේද?

එහෙම උත්සාහයක් නොකෙරුව කියල මම දොස් පවරන්නෙ නෑ. නමුත් එක වැරැුද්දක් කරල තියෙනව. කාලාව හා සංස්කෘතික අංශවල මෙතෙක් කරගෙන ආව සම්ප‍්‍රධායයන් බිඳ හෙළමින් කටයුතු කරල තියෙනව. සංස්කෘතික අමාත්‍යාංශයට. සංස්කෘතික දෙපාර්තමේන්තුවට තිබුණ කලා මණ්ඩලය අහෝසි වුන හින්දා ඔවුන් දැන් විද්වත් මණ්ඩලයක් පිහිටුවාගෙන කලින් කලා මණ්ඩලය කරපු දේම කරගෙන යනව. කලා මණ්ඩලය රාජ්‍ය නාට්‍ය උත්සවය පවත්වන කොට, විද්වත් මණඩලය ඒ හා සමාන වෙනත් නාට්‍ය උත්සවයක් පවත්වන්න යනව. මේ නිසා වෙන්නෙ තුවාල කාරයට වෙච්ච දේ. ඒ කතාව නම්, ‘‘එක මිනිහෙකුට භා්‍ය_ාවන් දෙදෙනෙක් හිටිය. මේ මිනිහගෙ කකුල් දෙකේම තුවාල. මේ මිනිහා මේ භා්‍ය_ාවන් දෙදෙනාට එක එක කකුල බැගින් බාරදුන්නා තුවාල සුද්ද කරල බෙහෙත් දාන්න. එක් භා්‍ය_ාවක් කරන්නෙ මොකද තමන්ට නියමිත කකුලෙ තුවාලෙට බෙහෙත් දාන ගමන්ම, අනෙක් භා්‍ය_ාවට අයිති කකුලෙ තුවාලෙ පාරනව. අනිත් භා්‍ය_ාවත් එයම කරනව. අන්තිමේ දී එක තුවාලයක්වත් සනීප වුනේ නෑ. ඒ මිනිහ මරුණා. මේ කඹ ඇදිලලෙනුත් වෙන්නෙ තුවාල කාරයට වෙච්ච දේමයි.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *