GMOA පාදෙණිය කණ්ඩායමට අධිකරණයෙන් පා පහරක් ; සභාපති ධුරය, ඇතුළු සියලු නිලතල අධිකරණයෙන් අත්හිටුවයි

වසර පහකට අධික කාලයක් රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සභාපති ධුරය රැඳී සිටි අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු කණ්ඩායම තවදුරටත් එම සංගමයේ නිලතල නොදරමින් සංගමයේ නිලවරණය අතුරු පාලක මණ්ඩලයක් යටතේ  ස්වාධීනව පැවැත්වීමට කටයුතු කළ යුතු බවට මොරටුව දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් ලබාදී ඇත. සංගමයේ නිලවරණය පිළිබඳව ඉදිරිපත්ව තිබු පෙත්සමක් සලකා බලමින් ඊයේ මෙම නියෝගය නිකුත් කොට තිබේ.

සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු නිලධාරීන් 19 දෙනෙකුගේ නිලතල මේ අනුව අහෝසි වනු ඇත.

එසේම මෙවර වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් නිලවරණය සඳහා නාමයෝජනා ප්‍රතික්ෂේප කරනු ලැබූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාගේ නම පිළිගෙන ඒ මහතාට  සභාපති ධුරය සඳහා  තරග කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසද මෙම අතුරු තහනම් නියෝගය මගින් නියම කොට ඇත.

අතුරු පාලක මණ්ඩලයක් හරහා ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක අධීක්ෂණය යටතේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මැතිවරණය පවත්වන ලෙසත්,  නාම යෝජනා කැඳවන ලෙසත්, දැනට ක්‍රියාත්මක වන වෛද්‍ය සංගමයේ ක්‍රියාකාරිත්වය අහෝසි වන බවත්, මේ සමග නිකුත් කොට ඇති නියෝග සඳහන්ය

මෙවර වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් නිලවරණය සඳහා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වෛද්‍ය චමල් සංජීව වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු ඇතුළු කණ්ඩායමක් ඉදිරිපත් වී සිටී.

අනුරුද්ධ පාදෙණිය කණ්ඩායම බලයේ සිටිමින්, වෙනත් වසරවල මෙන් ම, නිලවරණයට බලපෑම් කිරීම වැලැක්වීම සඳහා අනෙක් පාර්ශවය ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව දෙමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කොට තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *