අදත් කොවිඩ් මරණ 42 යි ; නව ආසාදිතයින් සංඛ්‍යාව 1714 දක්වා යලි ඉහළට

අද දිනයේ රජය නිකුත් කළ වාර්තා අනුව කොවිඩ් රෝගයෙන් මියගිය සංඛ්‍යාවට තවත් 42 ක් එකතු වෙයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3,959 දක්වා ඉහල ගොස් ඇත.

පසුගිය දිනවල අඩු වී තිබු නව ආසාදිතයින් වාර්තා වීම යලි ඉහළ ගොස් ඇත්තේ අද දිනයේ නව ආසාදිතයින් 1,714 ක් වාර්තා කරමිනි.

මේ අනුව මෙරටින් වාර්තා වන නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 291,291 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *