විපක්ෂයේ සියලු පක්ෂවල සන්ධානයකින් ඉදිරි මැතිවරණ තරඟ කරනවා – සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර

ඉදිරි මැතිවරණ තරඟ කිරීම සඳහා විපක්ෂයේ සියලු පක්ෂවල සන්ධානයක් ගොඩ නැගීමට ක්‍රියා කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

සමගි ජන බලවේගයේ නායකත්වයෙන් සියලු පක්ෂ එකතු කරන බව ඒ මහතා කියයි.

අද කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පවතී මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව පැවසීය.

විපක්ෂය එඉක්සත් කිරීමේ සාකච්ඡාවක් කරු ජයසුරිය මහතාගේ නායකත්වයෙන් පසුගියදා පැවති අතර දෙමල ජාතික සන්ධානය ,එක්සත්ජාතික පක්ෂය ඇතුළු පක්ෂ රැසක් එයට සහභාගී වී ය.

එම සාකච්ඡාව පවත්වන ලද්දේ සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ කැඳවුමකට අනුව ය.

රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ නායකත්වයෙන් විපක්ෂය එක්සත් කරන බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *