yukthiya

‘ඉදිරි මැතිවරණයට සියලු පක්ෂ සමඟ සන්ධානගතවී තරග කරනවා‘ – සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර

ඉදිරි මැතිවරණ සඳහා විපක්ෂයේ සියලුම පක්ෂ සමග සන්ධානගතවී තරඟ කරන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර   මහතා කොළඹදී පැවසීය.ඒ සඳහා  විපක්ෂයේ සියලුම පක්ෂ සමග මේ දිනවල සාකච්ඡා වට සිදුකරමින් පවතින බවත් මහලේකම්වරයා සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේදී පැවති   මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ආණ්ඩුව පරාජය කර රට ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවල සමගි ජනබලවේගයේ මූළිකත්වයෙන් ඉදිරි මැතිවරනයෙන් ආරම්භ කරන බවත් මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කලේය.

නිමල කොඩිතුවක්කු

ලංකාදීප

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *