ඛනිජ තෙල් සංස්ථාවේ ඒකාධිකාරය අහෝසි කරන පනත කැබිනට් මණ්ඩලයෙන් අනුමතයි

ඛනිජ තෙල් නිෂ්පාදනයේ, පිරිපහදු කිරීමේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඒකාධිකාරය අහෝසි කොට පෞද්ගලික අංශයට ද එම අවස්ථාව විවෘත කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කැබිනට මණ්ඩලය විසින් අනුමත කොට ඇත.

2003 ශ්‍රී ලංකා ඛනිජ තෙල් පනත මේ අනුව සංශෝධනය කෙරෙනු ඇත. ඒ සඳහා වූ පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ ද අනුමැතිය හිමි වී තිබේ.

විශාල නව ඛනිජ තෙල් පිරිපහදුවක් සපුගස්කන්දේ ඉදි කිරීම සඳහා පෞද්ගලික සමාගමක ආයෝජන ලබාගැනීම සඳහා මෙම පනත ගෙන එන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කොට තිබිණි.

ඉදිකොට, පවත්වාගෙන ගොස් පැවරීමේ ( BOT ) ක්‍රමවේදය යටතේ පෞද්ගලික අංශය මගින් මෙම බලාගාරය ඉදිකෙරෙන බව කියති.

මෙම පනත අගෝස්තු මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *