මගීන් රස්තියාදුවේ, ප‍්‍රමාණවත් බස් නෑ.ජනමාධ්‍ය : බස් තිබුණත් මගීන් නෑ, අපි දිව්වෙ පාඩුවට – ගැමුණු විජේරත්න
මෙවර සිංහළ දමිල අලූත් අවුරුදු නිවාඩුව තරමක් දිගු එකක් වීය . ගැසට් පත‍්‍රයට අනුව අපේ‍්‍රල් 13,14 යන දෙදින අවුරුදු නිවාඩුව වශයෙන් ලබා දී තිබුණත්, ස්වදේශීය කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් 15 වන සිකුරාදා දිනයත් නිවාඩු දිනයක් වශයෙන් ප‍්‍රකාශට පත් කරන ලදී. ඊළ`ගට එළඹෙන් සෙනසුරාදා හා ඉරිදා යන දින දෙකත් සමගම මෙවර අවුරුදු නිවාඩුව දවස් 5කි. 11 සඳුදා හා 12 වන අ`ගහරුවාදා නිවාඩු ලබාගත් ඇතැම් පිරිස් එම නිවාඩුව ඊට පෙර සෙනුසුරාදා හා ඉරිදාත් සමග දින 9යක් බවට පත් කර ගන්නා ලදී. දිගු නිවාඩුවක් එළඹෙන හැම අවස්ථාවකදීම පැන න`ගින ගැටළුවක් නම් ප‍්‍රවාහන ප‍්‍රශ්නයයි. අගනගරයේ සේවය කරන බොහෝ පිරිස් කොළඹින් පිටපළාත්වල පදිංචි අය ය. මේ පිරිස එකම අවස්ථාවක බිම් කරා යෑමේ දී ප‍්‍රවාහන ගැටළුව ඇති වී ම කවදත් සිදුවන්නකි.
මෙම ප‍්‍රවාහන ගැටළුව විවිධ මාධ්‍යයයන් විවිධ අයුරින් දැක තිබුණි. ඇතැම් විද්‍යුත් මාධ්‍යයන්ට අනුව, රජය හා අදාල බලධාරීන් ගම් බිම් බලා යන මගීන්ට ප‍්‍රමාණවත් ප‍්‍රවාහන පහසුකම් සලසා නැත. එබැවින් ඔවුන්ට දිගු පොළිම්වල පැය ගණන් බලා සිටීමට සිදුවී ඇත. ඔවුන් එම පුවත රූප රාමු සහිතව විකාශය කරන ලදී.
ප‍්‍රවාහන පද්දිතියෙන් විශාල පරාසයක් අත්පත් කරගෙන සිටින පෞද්ගලික බස්රථ හිමියන්ගේ මතය දැන ගැනීම පිණිස ඔවුන් නියෝජනය කරන පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා යුක්තිය වෙබ් අඩවිය වෙනුවෙන් හමු වීමි.
පෞද්ගලික බස් සේවාව මේ වන විට, ප‍්‍රවාහන ප්දධතියේ අත්පත් කරගෙන තිබෙන ස්ථානය කුමක්ද? එයින් ලැබෙන සේවාව ගැන අදහසක් ඉදිරිපත්කරවන නම්?
අද වන විට ලංකාවේ ප‍්‍රවාහන ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රමුඛත්වය ගන්නේ පෞද්ගලික ප‍්‍රවාහන ක්‍ෂේත‍්‍රයයි. අපි ප‍්‍රවාහන පද්ධතියෙන් 55%කට ආසන්න ප‍්‍රමාණයක් නියෝජනය කරනව. ජනතාවගේ මගී ප‍්‍රවාහන අවශ්‍යතාවයෙන් 50% කට වැඩි ප‍්‍රමාණයක් ඉටු කරන්නේ පෞද්ගලික බස් සේවාවයි. මේ රටේ ජාතික දළ දේශීය නිෂ්පාදනයෙන් 12% ක ප‍්‍රමාණයක් අපි මේ රටට ලබාදෙනව.
50% කට වැඩි ප‍්‍රමාණයක් කියන්නේ සැලකියයුතු ප‍්‍රමාණයක්. මේ තත්ත්වය යටතේ ආණ්ඩුවත් සමග තිබෙන ගනුදෙනුව කොහොමද?
වත්මන් ජනාධිපතිවරයා පත්කර ගැනීමට ප‍්‍රබල දායකත්වයක් මා ඇතුළු මගේ සංගමය ලබා දුන්නා. එහෙත්, අපේ කර්මාන්තය රඳාපවත්වා ගෙන යාමට, අපි බලාපොරොත්තු වූ තරමට සහයෝගයක් යහපාළන රජයෙන් ලැබෙන්නෙ නෑ. මේ වන විට බස් කර්මාන්තය ඉතාමත් අස්ථාවර තත්ත්වයකට පත්වෙලා තියෙනව. එය ඉතාමත් කණගාටුදායක තත්ත්වයක්.
ඔබ සංගමය ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවගේ සහනයන්ද?
අපි බලාපොරොත්තුවන සහනයන් තමයි මේ රටේ බස් කර්මාන්තයෙන්, කප්පම් කරුවන් ලබා ගන්නා කම්පම් මුදල නතර කර ගැනීම. මාසිකව බස්රථ වලින් ලබා ගන්නා කප්පම් මුදලේ එකතුව රුපියල් කෝටි 5ක් පමණ විශාල ප‍්‍රමාණයක්. ඒ වගේම අපි බලාපොරොත්තු වුනා ලංගමත් සමග ඒකාබද්ධව ක‍්‍රියා කරන පිළිවෙළකට ‘කාලසටහන් ක‍්‍රමවේදය’ සකස් කරයි කියල. එය ක‍්‍රියාත්මක වුනෙත් නෑ. එය අපට තනිවම කළ නොහැකියි. ලංගම තියෙන්නේ රාජ්‍ය අංශයේයි. අපි බලාපොරොත්තු වූ තවත් කරුණක් තමයි ප‍්‍රවාහන අමාත්‍යාංශයට අදාල පත්වීම් වලදී ඒ විෂය පිළිබඳ දක්‍ෂයින් පත්කිරීම. ඒක සිද්ධ වුනෙත් නැත.
ප‍්‍රවාහන අමාත්‍ය වරයා සමග සාකච්ඡුා කර මේ කරුණු දෙක ඉෂ්ට කිරීමට උත්සායයක් අරගෙන තියෙනවද?
ඔව්. අපිට ලැබුණෙ මහින්ද රාජපක්‍ෂ මහතා සමග හිටපු, ජනතාව ප‍්‍රතික්‍ෂේප කරපු අමාත්‍යවරයෙක්. අපි එයට විරුද්ධත්වය පෑව. නමුත් ආණ්ඩුව එය ශත පහකටවත් ගණන් ගත්තෙ නෑ. අපි දැනගෙන හිටිය ඒක අපිට විශාල ගැටළුවක් කියල. එහි ප‍්‍රතිවිපාක අද අත්විඳිමින් තියෙනව.
රටක ප‍්‍රවාහන පද්ධතිය තමයි ඒ රටේ කොඳුනාරටිය. ප‍්‍රවාහන පද්ධතිය කඩා වැටෙනව කියන්නේ රටේ ආර්ථිකය හා ජන ජීවිතය අකර්මණ්‍ය වීමයි. ඒ සඳහා දැන උගත් පිරිසක් මෙයට සම්බන්ධ විය යුතුයි. අපි ඉල්ලා සිටියා ප‍්‍රවාහනය සම්බන්ධ නියාමන ආයතන සඳහා උගත්, පවීන පුද්ගලයන් පත්කරන්න කියල. කිහිප දෙනයි සුදුස්සන් පත්වුනේ. අනිත් පිරිස කිසිම සුදුසුකමක් නැති අමාත්‍යවරයාගේ ඥාතීන්, හිතවතුන්. මේ නිසා ප‍්‍රවාහන පද්ධතිය අකර්මණ්‍ය වෙමින් පවතිනව. අපි විටින් විට යහ පාළන ආණ්ඩුව මේ පිළිබඳව දැනුම්වත් කෙරුව. බස් කර්මාන්තය සක‍්‍රිය වුවහොත් තමයි ප‍්‍රවාහන පද්ධතිය නිසි ලෙස ක‍්‍රියාත්මක වෙන්නෙ. එවිටයි රට ඉස්සරහට ගෙනියන්න පුළුවන්.
ඔබලාගේ සංගමයත්, අමාත්‍යාංශයත් අතර ඇති ගැටුමින් අපහසුතාවකට පත්වන්නේ පොදු ජනතාව. ඔවුන් මොන පක්‍ෂයකට ඡුන්දය දුන්නත්, මොන දේශපාලන මතයක් දැරුවත්, නොදැරුවත් ආණ්ඩුවේ වගකීම ජනතාවට නිසි ප‍්‍රවාහන පද්ධතියක් ලබා දීම.
ඔව්. මේ පිළිබඳව අපි නිරන්තරයෙන් කටයුතු කරනව. අග‍්‍රාමාත්‍යතුමා මේ වනවිටත් දැනුම් දී තියෙනව (කළම්බු සිටි සර්විස්* නගර සේවා පටන් ගන්න කියල. මම ඒ සම්බන්ධයෙන් මූලික වෙලා කටයුතු කරනව. ජාතික කොමිසන් සභාවේ හිටපු සභාපතිවරයෙක්වන, මොරටුව විශ්ව විද්‍යාලයේ අමල් කුමාරගේ මහතාත් සම්බන්ධ කරගෙන තියෙනව. ඔහු අධ්‍යක්‍ෂ මණ්ඩලේ ඉන්නව. ජාතික ගමනා ගමන කොමිෂන් සභාව, මෙඝා පොලිස් සිටි, ශ‍්‍රී ලංකා පොලීසිය, කොළඹ මහා නරග සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය, බස්නාහිර පළාත් මගී ප‍්‍රවාහන අධිකාරිය ඒ වගේ කණ්ඩයමක් එක්ක එකතුවෙලා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය කටයුතු කරනව.
මොකක්ද මේ ‘කළම්බු සිටි සර්විස්’ වැඩ පිළිවෙල?
එහි ප‍්‍රධානම දේ තමයි කොළඹට ආසන්න නගරවල සිට කොළඹ කොටුව දක්වා බස් රථ පමණක් ධාවනය වන මංතීරුවක, මගී බස් රථ ධාවනය කිරීමට සැලැස්වීම. ප‍්‍රථමයෙන්ම බත්තරමුල්ලේ සිට කොළඹ දක්වා එය ක‍්‍රියාත්මක කරනව. මගී ප‍්‍රවාහන බස්රථවලටම වෙන් වූ තනි මංතීරුවක බස්රථ ධාවනය කිරීම මගින් කඩිනමින් කොළඹට ළ`ගා වෙන්න පුළුවන්කම තියෙනව. වෙනත් කිසිම රථයකට ඒ මංතීරුවේ ගමන් කරන්න බෑ. එය බස් ෆයොරටි ලයින් කියල කියන්න පුලූවන්. මේ පිළිබඳ ව්‍යාපෘති වාර්ථව ඉදිරිපත් කරල තියෙනව. එය මුදල් කමිටුවට යොමු කරල තියෙනව.
එය ප‍්‍රායෝගීකව කළ හැක්කක්ද? එම කටයුතු අවසන් කිරීමට කොපමණ කලක් ගතවෙයිද?
ඔව්. එය ප‍්‍රායෝගිකව කළ හැකියි. මේ පිළිබඳ අධ්‍යයන කටයුතු අවසන්. එය ප‍්‍රවීනයන් රැුසකගේ දායකත්වයෙන් කෙරෙන්නේ. මෙය කෙටිකාලීන ව්‍යාපෘතියක්. ඉක්මනින් ආරම්භ කර ඉක්මනින්ම අවසන් කරන්න බලාපොරොත්තු වෙනව. මේක අග‍්‍රාමාත්‍ය තුමාගේ ඍජු මැදිහත්වීම මැද කෙරෙන කටයුත්තක්.
අපි දෙවන අධියර වශයෙන් ඉලැක්ටි‍්‍රක් බස්රථ යෙදවීමට කටයුතු කරනව. එය පරිසර හිතකාමී වගේම මගීන්ට සුව පහසුව ලබාදෙන බස්රථයක්.
අවුරුදු මගී ප‍්‍රවාහන සේවාව ගැන චෝදනා නැගෙනව නේද? ප‍්‍රමාණවත් සහ සැලසුම් සහගත ප‍්‍රවාහන පහසුකමක් නෑ කියල.
අපි අවුරුදු 15ක් තිස්සේ මොන රජයක් තිබුණත් මේ ප‍්‍රවාහණ පහසුකම සලසනව. මෙවරත් අපි ඒ ප‍්‍රවාහණ පහසුකම ලබා දුන්නා. ඇතැම් මාධ්‍යවලට විතරක් තමයි පෙනුනේ බස් නැති නිසා මගීන් පොලිම් වල රස්තියාදු වෙනව කියල. බස් රථයක් පැමිණීම ප‍්‍රමාද වුවහොත් පොලිම දිග්ගැසෙනව තමයි. එයින් නොසන්සුන් වෙන පිරිස් කෑගහනව. එත් ඇත්තටම සිද්ධ වුනේ එක නෙමයි. බස් රථවලට ප‍්‍රමාණවත් තරම් මගීන් හිටියෙන නැති එකයි. අපි මෙවර අවුරුදු විශේෂ සේවාව ලබා දුන්නෙ පාඩුවට. අපිට ප‍්‍රමාණවත් මගී සංඛ්‍යවක් හිටියෙ නෑ ප‍්‍රවාහනය කරන්න.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව අපෙන් අතිරේක මාර්ගවල ධාවනය කිරීමට, බලපත‍්‍ර ගාස්තුවට අමතරව රු.1000/-ක මුදල් අයකෙරුව. ඒක අසාධාරණයි. අපි සෙනග පුරෝගෙන ගියාට අපිට ආපසු එන්න වෙන්නෙ මගීන් රහිත හිස් බස්රථයක්. අවුරුද්ද අවසන් වෙලා පිටපළාත් වල සෙනග අගනගරයට ගේන්න අපි යන්නෙ හිස් බස්රථයක්. අපිට එනකොට පමණයි සෙනග ඉන්නෙ.
මාධ්‍ය කියන්නෙ සෙනග ඉන්නව බස්රථ නෑ කියල. ඔබ කියනව බස් තියෙනව සෙනග නෑ කියල. සෙනග නැත්නම් එහෙම නැති වෙන්න හේතුව?
ඒක තමයි කල්පනා කෙරුවේ. එකවර ගිය සියලූ දෙනාම එකවර ආපසු එන්න තීරණය කරල නැතුව ඇති. ලබන 21 වන බ‍්‍රහස්පතින්දා පෝය නිවාඩුව ඊට පසුව සෙන සුරාදා ඉරිදා නිවාඩු දෙකකුත් එනවා. පිරිසක් මේ නිවාඩුවත් අරගෙනම එන්න ඉන්නවා ඇති. තවත් පිරිසක් තදබදයක් ඇති වෙයි කියල වේලාසන ආව. මමත් මාධ්‍ය මගින් මගීන්ගෙන් ඉල්ලා සිටියා අවසාන මොහොත වෙනකල් ඉන්නෙ නැතුව වේලාසන එන්න කියල. පුද්ගලික වාහන වැඩි වීම නිසාත් මෝටර් සයිකල්වල, තමන්ගෙම කාර්, වෑන් වල ගමන් පහසුව සලස ගත්ත පිරිසකුත් හිටිය. මේ තත්ත්වය අනුව බස් රථවලට මගීන් ප‍්‍රමාණවත්ව හිටයෙ නෑ කියලයි. මම හිතන්නෙ.
පොදු ප‍්‍රවාහන සේවය සතුටු දායක නැති නිසාත්, එහි ගමන් කිරීම කටුක අත්දැකීමක් නිසාත් නේද මිනිසුන් වඩ වඩාත් පෟද්ගලික වාහනයක් මගින් ගමන් පහසුව සලසා ගැනීමට පෙළෙඹීමක් ඇති කරන්නෙ? බස්රථ වල වෙළඳාම, සි`ගාකෑම ජනවාරි 1 වන දා සිට ක‍්‍රියාත්මක කළත් මේ වන විට එය ක‍්‍රියාත්මක වන බවක් පෙනෙන්න නෑ. ඔවුන් කරන්නේ වෙළඳාමක්වත්, සි`ගකෑමක්වත් නොව එක්තරා විදිහක ප්‍රෝඩාවක්.
ඇත්ත. පොදු ප‍්‍රවාහන සේවාව මීට වඩා සුභදායක කළ යුතුයි. බස්රථවල සි`ගාකෑම, වෙළඳාම සංවිධානාත්මක මාෆියාවක් තරමට දරුණුයි. මෙයට විරුද්ධවීමට බස්රථ රියැදුරකුට හෝ කොන්දොස්තවරයෙකුට නොහැකි තත්ත්වයක් උදාවෙලා තියෙනව. ඉදිරියේ දී පොලීසියේ සහයෝගයත් ලබාගෙන මෙය ක‍්‍රියාත්මක කළයුතුයි.
අපෙගේ නිරීක්‍ෂණය අනුව අවුරුදු නිවාඩුවට කොළඹ සිට ගම්බිම් කරා යාමට බස්රථ සඳහා මගීන්ගේ තදබදයක් තිබුණත්, අවුරුදු නිවාඩුව අවසන් වී 16, 17 දෙදින තුළ පිට පළාත්වල සිට කොළඹ නගරයට පැමිණෙන බස්රථවල එතරම් තදබදයක් දකින්නට නොලැබුණි. ඇතැම් බස්රථවල සිටියේ ආසන සංඛ්‍යාවටත් වඩා අඩු මගීන් පිරිකි.