විශ්වාස භංගයේ දී රනිල්ගේ කට වහන්න සජබ කැත වැඩක් කරලා !

ඊයේ පෙරේදා විවාද කොට අවසන් වූ, ඇමති ගම්මන්පිලට එරෙහි විශ්වාස භංග යෝජනා විවාදයේ දී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා කතා කිරීම වැලැක්වීම සඳහා ඒ මහතාට විපක්ෂයෙන් වෙලාව වෙන් කර නොදීමට සමගි ජන බලවේගයේ නායකයෝ ක්‍රියාකොට ඇත.

මෙබඳු  විවාදයක දී විපක්ෂයේ වෙනත් පක්ෂ කුමන මතයක් දරුවත් ඔවුන්ට අවශ්‍ය කාලය වෙන්කර දීම පිළිගත් සම්ප්‍රදායකි. එසේ වුව ද, එලෙස රනිල් වික්‍රමසිංහ මහතාට වෙලාව දී නොතිබුණු නිසා කතානායකතුමාට කතාකොට වෙලාව ඉල්ලා ගැනීමට වික්‍රමසිංහ මහතාට සිදුව තිබේ.

තමන් විපක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට වෙලාව නොදුන් බවත්, ඒ මහතා කතානායකතුමාට කතාකොට ලබාගෙන ඇත්තේ ආණ්ඩු පක්ෂයේ වෙලාව වියයුතු බවත්, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

කෙසේ හෝ විනාඩි හයක් තමාට ලබාගෙන කතා කළ රනිල් වික්‍රමසිංහ මහතා ඉන්ධන මිල ගැන විශ්වාස භංගය ආණ්ඩුවට ම විරුද්ධව ගෙන ආ යුතු බවත්, එසේ කරන්නට බැහැ කියන විපක්ෂයක් යැවිය යුත්තේ ගිනස් පොතට බව ප්‍රකාශ කළ අතර තමන් විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දෙන බව ද පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාට විපක්ෂයෙන් වෙලාව නොදුන්නද විපක්ෂය සමග එක්ව විශ්වාසා භංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ ය.

පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ දැඩි විවේචනවලට මුහුණ දීමට රනිල් වික්‍රමසිංහ මහතාට සිදු වූ අතර එම තත්ත්වය ගැන තමා කනගාටු වන බව ඒ මහතා ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *