විශ්වාස භංගයේ පිහිටෙන් ආණ්ඩුව තුනෙන් දෙක පෙන්වයි

සමගි ජන බලවේගය ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව 61 ට 152 ක් ලෙස පරාජය කරමින් ආණ්ඩු පක්ෂයේ  තුනෙන් දෙකක බලය ප්‍රදර්ශනය කිරීමට ආණ්ඩුවට අද හැකියාව ලැබිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් සමගි ජන බලවේගයේ මුස්ලිම් පක්ෂවල මන්ත්‍රීවරුන් මෙවර ද ආණ්ඩුවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ ය.

මෙම මුස්ලිම් මන්ත්‍රීවරුන් තව දුරටත් සමගි ජන බලවේගය නියෝජනය නොකරන බව මෙයින් ප්‍රදර්ශනය වී ය.

ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් කොළඹ රැඳී සිට යෝජනාව පරාජය කිරීමට ඡන්දය දිය යුතු බව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී තිබිණි.

විශ්වාස භංග යෝජනාවට සංශෝධනයක් ඉදිරිපත් කළ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාත්, මෙම විශ්වාස භංගය අඥාන, තකතීරු තීරණයක් බව කී අනුර දිසානායක ඇතුළු ජවිපෙ මන්ත්‍රීවරුනුත්, දෙමළ  ජාතික සන්ධානයත් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ ය.

මන්ත්‍රීවරුන් 11 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ සභා ගැබේ සිටයේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *