මාස දහයෙන් විශාල අවුලක් ඇතිකළ ආණ්ඩුවත්, ආණ්ඩුවට එරහිව විශ්වාස භංගයක් ගෙන්න බැහැ කියන විපක්ෂයත් ගිනස් පොතට යා යුතු යි – එජාප නායක රනිල්

මේ ආණ්ඩුව මාස දහයකින් විශාල අවුලක් ඇති කොට තිබෙන බවත්, එය ගිනස් පොතට යන්නට තරම් වන අවුලක් බවත් එබැවින් ආණ්ඩුව ගිනස් පොතට යා යුතු බවත්, එමෙන් ම මෙම ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගයක් ගෙන්න බැරි විපක්ෂයත් ගිනස් පොතට යා යුතු බවත්, එජාප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

ඉන්ධන මිල වැඩි කිරීමට බලශක්ති ඇමති ද වග කිව යුතු නමුත්, මිල වැඩිකරන්නේ මුදල් ඇමති තුමා බවත්, මෙම මිල වැඩි කිරීම ජීවන වියදම් කමිටුවේ සාකච්ඡා කොට තීරණය කළ නිසා එම ඇමතිවරුනුත් එමෙන් ම ඉන්ධන මිල වැඩි කිරීමට හේතු වූ විශාල අවුල ඇති කිරීම ගැන සමස්ත ආණ්ඩුවත් වග කිව යුතුය යන්න තමන්ගේ ස්ථාවරය බව රනිල් වික්‍රමසිංහ මහතා කී ය.

සාගර කාරියවසම් මන්ත්‍රීවරයා කී දෙයක් මත පදනම්ව විශ්වාස භංග යෝජනා ගෙන ඒම වැරදි බවට අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයට තමන් ද එකඟ බව කී වික්‍රමසිංහ මහතා අද කාරියවසම් මන්ත්‍රීවරයා එම ස්ථාවරයේ නැති බව ද පැවසීය.

එබැවින් ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ආ යුතු බවත්, ජනාධිපතිවරයාට එරෙහිව දෝශාභියෝග යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බවත්, ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *