විශ්වාස භංගය ආණ්ඩුවට එරෙහිව හැරවීමේ රනිල්ගේ සංශෝධනයට සජබ විරුද්ධ වෙයි.

බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කොට ඇති යෝජනාව ආණ්ඩුවට එරෙහි යෝජනාවක් ලෙස සංශෝධනය කිරීමට එජාප මන්ත්‍රී රනිල වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට සජබය විරුද්ධ බැවින් එය විවාදයට නොගන්නා  බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

විශ්වාස භංගය ඉදිරිපත් කොට ඇත්තේ සමගි ජන බලවේගය නිසා ඔවුන්ගේ එකඟත්වයකින් තොරව එය සංශෝධනය කළ නොහැකි ය.

මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේ ම රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ඒ වනවිට භේද වී සිටි ආණ්ඩුව මෙම විශ්වාස භංග යෝජනාව මගින් සමගි කරනු ඇති බව යි.

මේ වනවිට ආණ්ඩු පක්ෂයේ සියලු දෙනා විශ්වාස භංග යෝජනාවට එරෙහිව සමගි වී ඇත්තේ ඔවුන් අතර භේද අමතක කරමිනි.

විශ්වාස භංග යෝජනාව මගින් ආණ්ඩුව සමගි කරන අතර විපක්ෂය තවත් භේද කොට ඇති බව පෙනෙන්නට තිබේ.

විශ්වාස භංග යෝජනාව පිලිබඳ ඡන්ද විමසීම අද සවස 5.00 ට සිදුකිරීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *