එක රටක්⁣ දෙක නීතියක්  – අනුර සූරියබණ්ඩාර

එක රටක් එක නීතියක් යනු වත්මන් ආණ්ඩුව බලයට ඒමට උපයෝගී කර ගත් සටන් පාඨ අතරින් එකකි .විශේෂයෙන්ම එහිදී උලුප්පා ලනු ලැබුණේ යහ පාලන කාලයේ විවිධ තැනැත්තන් සඳහා නීතිය එක් එක් ආකාරයෙන් ක්‍රියාත්මක වූයේය යන අදහසය .ඒ අනුව වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ පක්ෂ පාට භේදයකින් තොරව සැම⁣ට සමානව නීතිය ක්‍රියාත්මක කරන්නේය යන බලාපොරොත්තුව ජනතාව තුළ ඇති කරමිනි .මේ , ආණ්ඩුවේ වයස අවුරුදු දෙකක් පමණ වන විට ඒ බලාපොරොත්තුව කොතෙක් පල දරා ඇතිද යන්න විමසා බැලීමකි .

පසුගිය දිනවල ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූයේ , විදෙස් හමුදාවක නිල ඇඳුමට සමාන ඇඳුමින් සැරසුණු පුද්ගලයන් පිරිසක් ⁣⁣ඓතිහාසික තිස්ස වැව කැණීමෙහි නිරතව සිටින බවය . එහිදී පැනනැඟුණු ගැටලු කිහිපයකි . පළමුව හමුදා ඇඳුමට සමාන ඇඳුම් ඇඳීමට පුද්ගලයනට නීතියෙන් ඉඩක් තිබේද යන්නය . දෙවනුව විදෙස් හමුදා ඇඳුමින් යුතුව ⁣නිදහසේ මෙරට හැසිරීමට කිසිවකුට හැකිද යන්නය . තෙවනුව , පෞරාණික වටිනාකමකින් යුතු තිස්ස වැව වැනි ස්ථානයක් පුරාවිද්‍යාවේ අවසරයකින් හා අනුදැණුමකින් තොරව කැණීමට හැකියාව ලැබුණේ කෙසේද යන්නය .

එහිදී පැනනැඟුණු ගැටලු කිහිපයකි . පළමුව හමුදා ඇඳුමට සමාන ඇඳුම් ඇඳීමට පුද්ගලයනට නීතියෙන් ඉඩක් තිබේද යන්නය . දෙවනුව විදෙස් හමුදා ඇඳුමින් යුතුව ⁣නිදහසේ මෙරට හැසිරීමට කිසිවකුට හැකිද යන්නය . තෙවනුව , පෞරාණික වටිනාකමකින් යුතු තිස්ස වැව වැනි ස්ථානයක් පුරාවිද්‍යාවේ අවසරයකින් හා අනුදැණුමකින් තොරව කැණීමට හැකියාව ලැබුණේ කෙසේද යන්නය .

විදෙස් හමුදා ඇඳුමට සමාන ඇඳුම සම්බන්ධව ආණ්ඩුව පුන පුනා කියනු ලැබුවේ එය හමුදා ඇඳුමක් නොව කම්කරුවන් වැනි පිරිස් වැඩෙහි නියුතු වන විට අඳින ඕවරෝල් ඇඳුමක් බවය . එහෙත් මාධ්‍ය මඟින් පැහැදිලි ලෙසම පෙන්වා දුන්නේ එය ඕවරෝල් ඇඳුමක් නොව හමුදා නිල ඇඳුමක් බවය . ඊට සාක්ෂි ලෙස ජනමාධ්‍ය මගින් , අදාළ ඇඳුමෙහි උරහිස් , පපුව ආදි තැන්හි ඇති බැජ් සලකුණු පෙන්වා දෙනු ලැබිණ .එසේම එම සිදුවීම සමාජගත වීමෙන් පසුව අදාළ පුද්ගලයන් පෙර ඇඳ සිටි නිල ඇඳුම වෙනුවට සාමාන්‍ය සිවිල් ඇඳුමකින් සැරසී සිටිනුද මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරිණ .ගැටලුව වන්නේ එය ඕවරෝලයක් නම් මාධ්‍ය හාහෝවෙන් පසුව වෙනත් ඇඳුමකට මාරුවන්නේ කුමකටද යන්නය .යම් හෙයකින් ශ්‍රී ලාංකික පුරවැසියකු හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමක් හැඳ සිටියේ නම් සිදුවනු ඇත්තේ කුමක්ද යන්න සිතා බැලීමෙන් එක රටක් එක නීතියක් වටහා ගත හැකිය .

යම් හෙයකින් ශ්‍රී ලාංකික පුරවැසියකු හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමක් හැඳ සිටියේ නම් සිදුවනු ඇත්තේ කුමක්ද යන්න සිතා බැලීමෙන් එක රටක් එක නීතියක් වටහා ගත හැකිය .

කැණීමට සම්බන්ධ පුද්ගලයන් කෙරෙහි පමණක් නොව තිස්ස වැව කැණී⁣ම සම්බන්ධයෙන්ද එක රටක් එක නීතියක් ක්‍රියාත්මක වූයේ නැත . නිදසුනක් වශයෙන් පුරාවිද්‍යාත්මක ස්ථානයක කැණීමකට හෝ ඉඳිකිරීමකට පෙර පුරාවිද්‍යා දෙපාර්තමෙින්තුවේ නිසි අධීක්ෂණයක් සහ අවසරයක් තිබිය යුතුය යනු නීතියකි . එහෙත් තිස්ස වැව කැණීමට පෙර එවැනි අවසරයක් ලබාගෙන තිබුණේ නැත .එසේ වුව  ඊට එරෙහිව පුරාවිද්‍යා අංශ මඟින් නෛතික පියවර ගනු ලැබුණේද නැත . දැනට ඇති තොරතුරු අනුව සිදුව ඇත්තේ  කෙරෙමින් පවතින කැණීමට පුරාවිද්‍යාවෙන් අවසර ලබාදීමය .එනම් අනවසර කටයුත්තක් නීත්‍යානුකූල කර දීමය . එසේ ගත් කල රටේ වෙනත් ස්ථාන වලට බලපාන පුරාවිද්‍යා නීතිය  තිස්ස වැවටත් එය කණින්නන්ටත් අදාළ නැත . පුරාවිද්‍යා නීතිය සමව ක්‍රියාත්මක වූයේ නම් තිස්ස වැව කණින්නන් පමණක් නොව , නිසි අවසරයකින් තොරව ඓතිහාසික වැවේ කැණීම් උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට සහභාගි වූ චමල් රාජපක්ෂ ඇමැතිවරයා පවා මේ වන විට සිටිය යුත්තේ අත්අඩංගුවේ හෝ රිමාන්ඩ් බාරයේය . ඒ අනුව , නැඟෙනහිර පුරාවිද්‍යා භූමි වලට අදාළ රෙගුලාසි දකුණේ තිස්ස වැවට අදාළ නැත .

නිරෝධායන නීතියේදීද එකරටක් එක නීතියක් ක්‍රියාත්මක නොවන බව පෙනුණේ , ජෝශප් ස්ටාලින් , දුමින්ද නාගමුව වැන්නන් සහ බැසිලාගමනය වෙනුවෙන් සාද , රැස්වීම් පැවැත්වූවන් යන දෙපිරිස සඳහා එය ක්‍රියාවෙහි යෙදවුණු ආකාරය අනුවය . කොතලාවල ආරක්ෂක පීඨ පනතට විරෝධය දැක්වීම , ගුරු , විදුහල්පති වැටුප් ප්‍රශ්න වලට විසඳුම් ලබා ගැනීම සඳහා විරෝධතාවෙහි යෙදුණු ස්ටාලින් ඇතුළු කණ්ඩායමක්  බලහත්කාරයෙන් ඔසවාගෙන ගොස් උසාවි දමා උසාවියෙන් ඇප ලබාදුන් පසුව  නිරෝධායනයට යැයි පවසමින් බලහත්කාරීව ගෙන ගොස් හමුදා කඳවුරුවල රඳවාගෙන සිටියේද බැසිල් වෙනුවෙන් ජය ඝෝෂා කළ අයට ආරක්ෂාව සැපයූවේද එකම පොලීසියය . තවත් අතකින් ගත් කල මෙරට නිරෝධායන නීතිය අනුව නිරෝධායන කාලය දින 14 ක් වුව , ස්ටාලින් ඇතුළු පිරිස දින 14 ක් රඳවා තැබුණේ නැත . ඒ අනුව , විරෝධතාකරුවන් සඳහා එක් නිරෝධායන නීතියකුත් අනෙක් අය සඳහා තවත් නිරෝධායන නීතියකුත් පවතින බව පැහැදිලිය . ඒ බව වඩාත් තහවුරු වන්නේ සාමාන්‍ය නීතිය අනුව යමෙකු නිරෝධායනයට රැගෙන යනු ලබන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයකුගේ නිර්දේශ මත වුව ස්ටාලින් මහතා ඇතුළු පිරිස නිරෝධායනයට යැයි කියමින් පැහැරගෙන යනු ලැබුණේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිර්දේශයකින් තොරවය . ඒ අනුව එක රටකි නිරෝධායන නීතිද දෙකකි . දැන් පැනනගින ගැටලුව ආණ්ඩුව කුමක් කීවද එක රටක් එක නීතියක් පැතූ පිරිස නීතිය ක්‍රියාත්මක වන වත්මන් ස්වරූපය ගැන කියන්නේ කුමක්ද යන්නය .

දැන් පැනනගින ගැටලුව ආණ්ඩුව කුමක් කීවද එක රටක් එක නීතියක් පැතූ පිරිස නීතිය ක්‍රියාත්මක වන වත්මන් ස්වරූපය ගැන කියන්නේ කුමක්ද යන්නය .

අනුර සූරියබණ්ඩාර

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *