විශ්වාසභංගය මගහැරීම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට තහනම් ! ඉන්ධන මිල අඩු කරන්න බැරි බව බැසිල් කියයි !!

බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කොට ඇති විශ්වාස භංග යෝජනාව විවාදයට ගන්නා  අද සහ හෙට දින දෙක කොළඹින් පිට වැඩ යොදා නොගෙන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සියලු දෙනා එම යෝජනාව පරාජය කිරීමට කටයුතු කළ යුතු බව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට ඊයේ දැනුම් දුන්නේ ය.

ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් විශ්වාසභංග යෝජනාව මගහැර යාමට උත්සහ දරන බවට ලැබුණු තොරතුරු මත ජනාධිපතිතුමා මෙම දැනුම්දීම කළ බව කියති.

ජනාධිපති මන්දිරයේ ඊයේ රාත්‍රී පැවතී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ජනාධිපතිතුමා මෙම දැනුම් දීම සිදුකොට තිබේ. එහි දී උදය ගම්මන්පිල ඇමතිවරයා විශ්වාස භංග යෝජනාව ගැන දීර්ඝ ලෙස කරුණු දක්වා ඇත.

මෙහි දී කතා කළ නව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා රටේ මුදල් තත්ත්වය පිළිබඳව කරුණු දක්වමින් ප්‍රකාශ කොට ඇත්තේ මේ අවස්ථාවේ ඉන්ධන මිල අඩු කිරීමට කිසිදු හැකියාවක් නැති බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *