ගම්මන්පිලගේ විශ්වාසභංගය ගැන තීරණ ගන්න ජනාධිපති අද හවස මන්ත්‍රී කණ්ඩායම හමුවෙයි

බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂයෙන් ඉදිරිපත් කොට ඇති විශ්වාස භංග යෝජනාව ගැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට උපදෙස් දීම සඳහා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපතිතුමා විසින් අද සවස කැඳවනු ලැබ ඇත.

අද සවස 6.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම රැස්වීම පැවැත්වීමට නියමිත ය.

විශ්වාස භංගයට විරුද්ධව චන්දය දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනටමත් ප්‍රකාශ කොට ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා ලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේ තම පක්ෂය තවමත් තීරණයක් ගෙන නැති බව යි.

ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිත ය.

මෙම විශ්වාස භංග යෝජනාව ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගයක් ලෙස සංශෝධනය විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මතය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *