ශ්‍රීලනිපයේ අඬන බබාලා – අනුර සූරියබණ්ඩාර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමැතිවරු , රාජ්‍ය ඇමැතිවරු , මන්ත්‍රීවරු කන්කෙඳිරි ගාන්නට පටන්ගෙන තිබේ . අයෙක් කියන්නේ තමන්ට ලැබී ඇත්තේ වැඩකට නැති අමාත්‍යාංශ බවය . තවෙකෙක් කියන්නේ ආණ්ඩුව තමන්ට පල නොකියා පලා බෙදමින් සිටින බවය .ඒ අතර පොදුජන පෙරමුණෙහි ඇතැමුන් කප්පම් ගැනීමෙහි නිරත වන බවටද චෝදනා නගනු පෙනේ .ඒ අතර ඔවුහු ආණ්ඩුවේ තුනෙන් දෙකට තමන්ද සහය දුන් බවටද මැසවිලි කියනු පෙනේ .

කැලේ යන නයින් ඇඳි වත අස්සේ රුවාගෙන කෑවෝ ! කෑවෝ ! කියා කෑගසනවා යැයි කියුමක් තිබෙි . දැන් ආණ්ඩුව තුළ සිටින ශ්‍රීලනිපයට සිදුව ඇත්තේද ඒ සන්තෑසියමය . තුනෙන් දෙක ගැන දැන් කවර කතා කියුවද පසුගිය ජනාධිපති වරණයේදීත් මහ මැතිවරණයේදීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  කරනු ලැබුවේ , දිනන පිලට ගොට්ට ඇල්ලීමය . එසේ කරන්නට ඔවුන්ට සිදුව තිබුණේ මැතිවරණයකට ඉදිරිපත්ව ජයග්‍රහණය කරන්නට නොව ජාම බේරා ගැනීමට වත්  ශක්තියක් ඒ වන විට ශ්‍රීලනිපයට නොතිබුණු නිසාය .එසේ වන්නට බලපෑවේ යහපාලන ආණ්ඩු කාලයේ ශ්‍රීලනිපයේ කියුම් කෙරුම්ය .

 දැන් කවර කතා කියුවද පසුගිය ජනාධිපති වරණයේදීත් මහ මැතිවරණයේදීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  කරනු ලැබුවේ , දිනන පිලට ගොට්ට ඇල්ලීමය . එසේ කරන්නට ඔවුන්ට සිදුව තිබුණේ මැතිවරණයකට ඉදිරිපත්ව ජයග්‍රහණය කරන්නට නොව ජාම බේරා ගැනීමට වත්  ශක්තියක් ඒ වන විට ශ්‍රීලනිපයට නොතිබුණු නිසාය

පැවැති රාජපක්ෂ පාලනයේ වංචා දූෂණ ගැන කියමින් බලයට පැමිණි ශ්‍රීලනිප නියෝජිතයන් පැවැති ආණ්ඩුවේ දූෂිතයන් වංචාකාරයන් ආරක්ෂා කළා පමණක් නොව තමන්ද දූෂණ , වංචා මගඩිවල නිරත වූහ .කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ සිද්ධිය ඊට එක් නිදර්ශනයකි .

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් පහ කොට අනීතික ලෙස මහින්ද රාජපක්ෂ මහතා අගමැති වශයෙන් පත් කර ව්‍යවස්ථා අර්බුදයක් ඇතිකර රට අරාජකත්වයකට යොමු කිරීම ජනතා කළකිරීමට තවත් හේතුවක් විය . පාස්කු ප්‍රහාරය සිදුවන්නට ඉඩ හැර හිටපු ජනාධිපති වරයා උදාසීනව කටයුතු කළේය එය වලකා නොගත්තේය යන මතයක් එකල ජනතාවට තිබිණ .ශ්‍රීලනිපය කෙරෙහි ජනතා කළකිරීමට ඉහත කාරණා සියල්ල බලපා තිබුණු බැවින් මැතිවරණ පරාජය හැර වෙනත් ඉරණමක් ඔවුනට ඉතිරිව තිබුණේ නැත .අද කන්කෙඳිරිගාන ශ්‍රී ලංකාකාර මැති ඇමැතිවරු කිසිවකු එකල ඒවාට විරුද්ධව හඬක් නැගුවේද නැත . අවම වශයෙන් අනීතික ආකාරයට ආණ්ඩු බලය කණපිට හැරවීම ඉදිරයේ කොන්ද කෙළින් තබා ගන්නටවත් ඔවුනට ශක්තියක් තිබුණේ නැත . හේතුව අනෙකක් නොවේ . යහපාලනය සමඟ ඔවුන් කල්ලි ගැසු⁣ණේ ද මහින්දට අගමැතිකම දෙනවිට කට පියාගෙන සිටියේද කාගෙන් හෝ ලැබෙන ඇමැති කට්ටක් රාජ්‍ය ඇමැති කට්ටක් ගැන මිස රටේ යහපත හෝ ප්‍රජාතන්ත්‍රවාදය ගැන හැඟීමක් ඔවුනට නොතිබීම නිසා ය . පොහොට්ටුවේ වලිගයේ එල්ලී දිවිය ලෝකයට යාමට ඔවුන් ගත් තීරණයට හේතුව ද  එයය .

යහපාලනය සමඟ ඔවුන් කල්ලි ගැසු⁣ණේ ද මහින්දට අගමැතිකම දෙනවිට කට පියාගෙන සිටියේද කාගෙන් හෝ ලැබෙන ඇමැති කට්ටක් රාජ්‍ය ඇමැති කට්ටක් ගැන මිස රටේ යහපත හෝ ප්‍රජාතන්ත්‍රවාදය ගැන හැඟීමක් ඔවුනට නොතිබීම නිසා ය . පොහොට්ටුවේ වලිගයේ එල්ලී දිවිය ලෝකයට යාමට ඔවුන් ගත් තීරණයට හේතුව ද  එයය .

ශ්‍රීලනිපයට ආණ්ඩුව ඇතු⁣ළෙහි පලා බෙදිල්ලක් ඇතැයි අද කියවන නමුත් ඔවුන් පොහොට්ටුව සමඟ හිටගත්තේද පලා බෙදමින් තිබියදීය . මැතිවරණයට පෙර ප්‍රසන්න රණතුංග වැන්නන් කී කතා අසමින් පොහොට්ටුවේ බෝට්ටුවට ගොඩවූයේ පලා බෙදිල්ලක් ගැන නොදන්නා බබාලා පිරිසක් නොවේ . ඇනුම් පද අසමින් වුව ඇමැති ,  රාජ්‍ය ඇමැති කටුවක් කෙසේ වෙතත්, මන්ත්‍රීකමක් වත් ලැබෙනු ඇතැයි සිතාය .

මේ මොහොතේ පවා මේ ශ්‍රී ලංකා කාරයන් කතා කරන්නේ ආණ්ඩුවෙන් තමන්ට පෞද්ගලිකව සිදුවන මදිපුංචිකම් ගැන පමණි . ගුරුවරුනට කාළකණ්නි කතා කියන ආණ්ඩුවේ ගැත්තන් ගැන ඔවුන්ගේ විරෝධයක් නැත . ඉන්ධන මිල ඉහළ යාම ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ . සහල් මිල , සීනි මිල ,ජීවන වියදම ගැන ඔවුන් කතා කරන්නේ නැත .විරෝධතාකරුවන් අනීතිකව අත්අඩංගුවට ගැනීම , ඔවුන් බලහත්කාරීව නිරෝධායනයට යොමු කිරීම ගැන මොවුන්ගේ විවේචනයක් නැත . ඔවුන්ගේ එකම ගැටලුව ආණ්ඩුව තමන්ට නොසැලකීමය .  තමන්ගේ මන දොළ සපුරන්නේ නම් ආණ්ඩුව ජනතාව පොලුගැසුවත් ඔවුනට වගක් නැත .

මේ මොහොතේ පවා මේ ශ්‍රී ලංකා කාරයන් කතා කරන්නේ ආණ්ඩුවෙන් තමන්ට පෞද්ගලිකව සිදුවන මදිපුංචිකම් ගැන පමණි . ගුරුවරුනට කාළකණ්නි කතා කියන ආණ්ඩුවේ ගැත්තන් ගැන ඔවුන්ගේ විරෝධයක් නැත . ඉන්ධන මිල ඉහළ යාම ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ . සහල් මිල , සීනි මිල ,ජීවන වියදම ගැන ඔවුන් කතා කරන්නේ නැත .විරෝධතාකරුවන් අනීතිකව අත්අඩංගුවට ගැනීම , ඔවුන් බලහත්කාරීව නිරෝධායනයට යොමු කිරීම ගැන මොවුන්ගේ විවේචනයක් නැත . ඔවුන්ගේ එකම ගැටලුව ආණ්ඩුව තමන්ට නොසැලකීමය

ද්විත්ව පුරවැසියනට මෙරට පාර්ලිමේන්තුවට හෝ රාජ්‍ය සේවයට ඇතුළත් විය නොහැකිය යන වගන්තිය ඇතුළත් 19 සංශෝධනයට එසවූ අත්ම ඔවුහු ද්ව්ත්ව පුරවැසියනට ඇති බාධක ඉවත් කළ 20 වැනි සංශෝධනයටද එසවූහ . ද්විත්ව පුරවැසි බැසිල් මුදල් ඇමැති වීම ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ .එකම ප්‍රශ්නය ආණ්ඩුව තමන්ට නොසැලකීමය .

ආණ්ඩුවේ පිළිවෙත ගැන නාහෙන් අඬන මේ පිරිස අද ඊයේ උපන් අයද නැතිනම් මැරී ඉපදුණු අයද යන සැකයක් සමහර විට ජනතාව⁣ට ඇති වන්නටද පුළුවන . හේතුව මේ කඳුළු සළන සියල්ලන්ම පසුගිය රාජපක්ෂ සමයේ ඔවුන් සමඟ ආණ්ඩු කර ඔවුන්ගේ හැසිරීම් ස්වභාව මැනැවින් දැන සිටි තැනැත්තන් වීම ය . එපමණක් නොව යහපාලනයට පෙර ඒ ගැන විවේචනය කළ විරෝධය දැක්වූ ඊට එරෙහිව යැයි කියමින් යහපාලනයේ ඇමැතිකම් පවා දැරූ අය වීම ය .

කවර තත්වයක් යටතේ වුව මේ මොහොතේ ආණ්ඩුවේ එල්ලී සිටීමට මිස ඉන් ඉවත්ව යන්නටද මේ අයගේ සූදානමක් නැත .ඔවුන් එවැනි තීරණයක් ගනු ඇත්තේ හොඳින් කල් යල් බලා ආණ්ඩු පෙරළියක් අතළඟ බව වැටහුණු විටෙක පමණි . ඒත් රට ගැන ජනතාව ගැන සිතා නොව ඊළඟ ආණ්ඩුවෙනුත් බඩ වැඩුමක් ලබා ගැනීම සඳහාය

කවර තත්වයක් යටතේ වුව මේ මොහොතේ ආණ්ඩුවේ එල්ලී සිටීමට මිස ඉන් ඉවත්ව යන්නටද මේ අයගේ සූදානමක් නැත .ඔවුන් එවැනි තීරණයක් ගනු ඇත්තේ හොඳින් කල් යල් බලා ආණ්ඩු පෙරළියක් අතළඟ බව වැටහුණු විටෙක පමණි . ඒත් රට ගැන ජනතාව ගැන සිතා නොව ඊළඟ ආණ්ඩුවෙනුත් බඩ වැඩුමක් ලබා ගැනීම සඳහාය . ගැටලුව ඇත්තේ එදාටත් මොවුන් ලංකර ගැනීමට විපක්ෂ කණ්ඩායම් සූදානම්ද මොවුනට ඡන්දය දීමට ජනතාව සූදානම්ද යන්නය .

  අනුර සූරියබණ්ඩාර

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *