බැසිල් එක්ක පිළිවෙලකට ගමනක් යන්න සූදානම්. කවුරුවත් කඩාගෙන යන්නෙ නෑ, ඒක හීනයක් – විමල් වීරවංශ


මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යාමට තමන් සූදානම් බවත් ආණ්ඩුවෙන් කොටසක් ඉවත්ව යන කතා හීනයක් බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

ඊයේ (16) දොඩම්ගස්ලන්ද කහටගහ පතලේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ප්‍රශ්නය – බැසිල් ඇමතිතුමාත් එක්ක දැන් බොහොම ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යන්න පුළුවන්ද ?

ඕනෙ කෙනෙක් එක්ක ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යන්න පුළුවන් නම් ගමනක් යන්න අපි සූදානම්. ඒක කවුද කියන එක අදාළ නෑ” 

ප්‍රශ්නය – මාධ්‍ය වල වැඩිය පේන්න නැහැනෙ. මොකක් හරි කැපිල්ලක්වත් තියෙනවද රජයත් එක්ක ?

මාධ්‍ය ආයතනවලින් මට කිසිම කැපිල්ලක් නැහැ” 

ප්‍රශ්නය – පවතින රජයත් එක්ක ?

රජයත් එක්ක කැපිල්ලක් තියෙනවා කියලා මං පේන්න නැතිවෙන්නෙ මොකටද ?”

ප්‍රශ්නය – මොකද කට්ටියක් කඩාගෙන යන්න හදනවානෙ, ඉතිං ඒකෙ ඔබතුමාත් ඉන්නවද පිටිපස්සෙන් ?

කවුද කොහෙද කට්ටියක් කඩාගෙන යන්නෙ ?” 

ප්‍රශ්නය – එහෙම ආරංචියක් තියෙනවා අපට ….

ඔයා හීනෙන් මොකක් හරි දැකලා …. හීනයක් දැකලා” 

LANKANEWSWEB

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *