|

තේ වගාවේ අනාගතය කොයිබටද – දැවෝරා තේ කම්හල් සමූහයේ සභාපති ආචාර්ය නිශාන්ත නානායක්කාර

රසායනික පොහොර හිටි හැටියේ නැතහොත් හදිසියේ තහනම් කිරීම පුද්ගලයකුගේ නහය හා කට වසා හුස්ම ගන්නැයි අණ කිරීමක් බදු ක්‍රියාවකි. මම එසේ කියන්නේ ඇයි දැයි මතුවට විස්තර කරමි. පළමුව බැලිය යුත්තේ ආණ්ඩුව මේ තීරණය ගැනීමට බලපෑ එහෙත් ආණ්ඩුව එළිපිට නොකියන ඇත්ත හේතුව ගැනය. විදේශ රැකියා, සංචාරක කර්මාන්තය සහ අපනයන අප රටට විදේශ විනිමය ලැබුණු ප්‍රධාන මාර්ග තුනයි. ඒ මාර්ග තුනෙන් විදේශ රැකියා හා සංචාරක කර්මාන්තය වැසී ගියේ කොරෝනා හේතුවෙනි. විදේශ රැකියා කළ සියලු දෙනාට රැකියා අහිමි නොවුවත් ඉන් සියයට 70 කට වැඩි පිරිසකට රැකියා අහිමි වූ බව අසත්‍යයක් නොවේ. ලංකාවේ පවතින ප්‍රශ්න නිසා ජපානය කොරියාව ඉතාලිය වැනි රටවල රැකියා කරන ලාංකිකයන් විදේශ විනිමය එවන්නේ ද අඩුවෙනි. රජයට දැනට විදේශ විනිමය වැඩියෙන් ලැබෙන්නේ අපනයන වලිනි. තේ ද ඒ අපනයන අතර වෙයි.

විදෙස් විනිමය ලැබුණු ආදායම් මාර්ග වැසී යාම නිසා රටේ විදෙස් විනිමය සංචිතය ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතී. එය එසේ වන්නේ ආණ්ඩුවේ වරදකින් නොව කොරෝනා වසංගතය හේතුවෙනි.

දැනට රට සතුව තිබෙන්නේ ඇමෙරිකන් ඩොලර් මිලියන 4.800 ක සංචිතයකි. එය ප්‍රමාණවත් වන්නේ රටට මාස තුනකට අවශ්‍ය දේවල් ආනයනය සඳහා පමණකි. 2019 වසර වන විට ලංකාව විදෙස් රටවලින් ගෙන තිබෙන ණය ප්‍රමාණය ඩොලර් මිලියන 65, 650 කි. ඒ ණය පොලිය හා වාරික ගෙවීමට 2021 වසරේදී වැය වෙතැයි අපේක්ෂිත මුදල ඩොලර් මිලියන 3,700 කි. එහෙත් සංචිතයේ තිබෙන්නේ ඩොලර් මිලියන 4,800 කි. ඒ පුංචි සංචිතයෙන් ණයත් ගෙවා රටට අත්‍යවශ්‍ය දේවල් ද ආනයනය කළ යුතුය. අර්බුදය දැන් ඉතා පැහැදිලිය. රසායනික පොහොර ගෙන්වීම තහනම් කිරීමට ආණ්ඩුව තීරණය කරන්නේ මේ හේතුව නිසාය. එහෙත් ආණ්ඩුව ජනතාවට මේ ඇත්ත නොකියයි. ඇත්ත කියා ජනතා සහාය ලබා ගන්නවා වෙනුවට ආණ්ඩුව තෝරා ගෙන තිබෙන්නේ ඇත්ත සඟවා ජනතාව පාරට බස්සවාගෙන ජනතාව අතර අප්‍රසාදයට පත් වීමය. ආණ්ඩුවේ මොළ ඒ තරම් වියත්ය. ඇත්ත කීමේ ආනිශංශ සහ ඇත්ත නොකියා සිටීමේ ආදීනව තේරුම් ගැනීමට නොහැකි තරමට වියත්ය.

ආණ්ඩුව ජනතාවට මේ ඇත්ත නොකියයි. ඇත්ත කියා ජනතා සහාය ලබා ගන්නවා වෙනුවට ආණ්ඩුව තෝරා ගෙන තිබෙන්නේ ඇත්ත සඟවා ජනතාව පාරට බස්සවාගෙන ජනතාව අතර අප්‍රසාදයට පත් වීමය. ආණ්ඩුවේ මොළ ඒ තරම් වියත්ය. ඇත්ත කීමේ ආනිශංශ සහ ඇත්ත නොකියා සිටීමේ ආදීනව තේරුම් ගැනීමට නොහැකි තරමට වියත්ය.

රසායනික පොහොර රටින් ගෙන්වීමට වැය වන විදේශ විනිමය හෙවත් ඩොලර් ප්‍රමාණය විශාලය. 2020 දී ඒ සඳහා වැය වී තිබෙන මුදල ඩොලර් මිලියන 259 කි. එය රටේ සමස්ත ආනයන වියදමෙන් 1.6 කි. 2021 දී රසායනික පොහොර ආනයනයට ඩොලර් මිලියන 300 සිට 350 අතර මුදලක් වැය වෙතැයි ගණන් බලා තිබිණි. 2020 දී වී ගොවිතැන සඳහා පමණක් ගෙන්වා තිබෙන පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3,25,000 කි. තේ, එළවළු ඇතුළු අනෙක් සියලු වගා සඳහා ගෙන්වා තිබෙන රසායනික පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ තුනකි. ඒ ලක්ෂ තුනෙන් සියයට 44 ක්ම ගියේ තේ වගාවටය.

ඉන් සියයට 24 ක් එළවළු වලටය. සියයට 12 ක් පොල් වලටය. පොහොර සහනාධාරය සඳහා පමණක් 2019 දී රජයට වැය වී තිබෙන මුදල රුපියල් මිලියන 46,000 කි. ඩොලර් මිලියන නම් 253 කි.

එය එනම් පොහොර සහනාධාර සඳහා වැය වූ මුදල රජයේ සමස්ත වියදමෙන් සියයට දෙකකි.

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ එය ද රජයට විශාල බරකි. එය මහා බරක් වන්නේ රටට අවශ්‍ය තරමට විදේශ විනිමය සංචිත නැති හෙයිනි.

තේ දලු නෙළන්නේ දවස් හතෙන් හතටය. තේ ගසට පොහොර වැටීමේ හෝ නොවැටීමේ ප්‍රතිඵලය දින 10 ක දී ලැබෙයි. රසායනික පොහොර තහනම් කරන නියෝගය පැනවූයේ 2021 මැයි 06 වැනිදාය. මැයි ජුනි කියන්නේ තේවලට පොහොර දාන මාසය. මේ මාස තේ වගාවට විශේෂිත වන්නේ ඒ මාසවලදී වැසි ලැබෙන හෙයිනි. වැසි නැවතුණු විගස පොහොර දැමිය යුතුය. එහෙත් දැන් දමන්නට පොහොර නැත.

ඒ නිසා මේ වන විට අපේ කම්හල්වලට ලැබෙන තේ දලු ප්‍රමාණය සියයට 50 කින් පමණ අඩු වී තිබේ. සාමාන්‍යයෙන් මෙය දලු වැඩියෙන් ලැබෙන කාලයකි.

විටින් විට වැස්ස ලැබීමත් එයට හේතුවකි. ඒ වැසි නතර වූ විගස පොහොර දැම්මේ නම් තේ දලු ඵලදාව සියයට 120 කින් පමණ ඉහළ යන බව අපේ අත්දැකීමයි.

දැන් ඵලදාව සියයට 50 කට අඩු වී තිබෙන්නේ එය සියයට 120 කින් වැඩි විය යුතු කාලයක වීම බරපතළ කාරණයකි. දැන් අප මුහුණ දෙන ප්‍රශ්නය ඵලදාව අඩු වීම පමණක් නොවේ. මේරු තේ දලු ලැබීම දැන් අපට තිබෙන තවත් ප්‍රශ්නයකි.

තේ දල්ල මෝරන්නේ ගසට අත්‍යවශ්‍ය නයිට්‍රජන් නොලැබෙන විටය. මේරු දලු වලින් ගුණාත්මක බවින් ඉහළ තේ නිෂ්පාදනය කළ නොහැකිය. ඉන් සිදු වන්නේ සිලෝන් ටී වල ගුණාත්මකභාවය අඩු වී දැනට අපට හිමි විදේශ වෙළෙඳ පොළ අහිමි වීමය. ඒ නිසා තේ අපනයන ආදායමයත් අඩු වෙයි. ඊට අමතරව තේ දලු ඵලදාව සියයට 50 කින් අඩු වීම නිසාත් තේ වතු හිමියන්ගේත් කම්හල් හිමියන්ගේත් අවසානයේ රටේ ආදායමත් අඩුවෙයි.

තේ දල්ල මෝරන්නේ ගසට අත්‍යවශ්‍ය නයිට්‍රජන් නොලැබෙන විටය. මේරු දලු වලින් ගුණාත්මක බවින් ඉහළ තේ නිෂ්පාදනය කළ නොහැකිය. ඉන් සිදු වන්නේ සිලෝන් ටී වල ගුණාත්මකභාවය අඩු වී දැනට අපට හිමි විදේශ වෙළෙඳ පොළ අහිමි වීමය. ඒ නිසා තේ අපනයන ආදායමයත් අඩු වෙයි. ඊට අමතරව තේ දලු ඵලදාව සියයට 50 කින් අඩු වීම නිසාත් තේ වතු හිමියන්ගේත් කම්හල් හිමියන්ගේත් අවසානයේ රටේ ආදායමත් අඩුවෙයි.

උද්ගතව තිබෙන මේ තත්ත්වය නිසා මුලටියන තිබු අපේ තේ කම්හලක් වසා දැමීමට ද සිදුවිය. තවත් මාස දෙක තුනක් මේ තත්ත්වය පැවතුණ හොත් දැනට පහත රට ක්‍රියාකාරීව තිබෙන තේ කම්හල් 250 න් තවත් 75 ත් පමණ වැසී යාමේ අවදානමක් තිබෙන බව මගේ තක්සේරුවයි.

ලංකාව දැනට තේ අපනයනයෙන් අවුරුද්දකට ලබන ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 1,800 ක් පමණ වෙයි. තේ දලු ඵලදාව සියයට 50 කින් පමණ පහළ යාම නිසා තේ අපනයනයෙන් ලබන ආදායම ද ඇමෙරිකන් ඩොලර් මිලියන 900 ක් දක්වා පහත වැටෙනු ඇතැයි උපකල්පනය කිරීම අපහසු නොවේ. ඊට අමතරව සිලෝන් ටී නාමයට වන හානිය ඊටත් වඩා බරපතළය. බිඳ වැටෙන ප්‍රතිරූපය යළි ගොඩ නගා ගැනීම දේශපාලන කයිවරු තරම් ලෙහෙසි පහසු නැත. ඇමෙරිකන් ඩොලර් මිලියන 900 ක් කියන්නේ රුපියල් වලින් නම් මිලියන 1,80,000 කි. එහෙත් ඒ මුදල අහිමි වන්නේ රුපියල් වලින් නොව ඇමෙරිකන් ඩොලර් වලිනි. ඩොලර් වැඩි වැඩියෙන් අත්‍යවශ්‍ය යුගයක ඩොලර් මිලියන 900 ක් අහිමි වන ප්‍රතිපත්ති තීන්දු ගන්නා වියතුන් සිටිනවා ඇත්තේ ලංකාවේම පමණක් විය යුතුය. තේ වගාව හා කර්මාන්තය ගැන විශේෂ හා වෙනස් ඇසකින් බැලිය යුත්තේ එහෙයිනි. තේ අපනයන භෝගයකි. වී හෝ හාල් අපනයනය නොකරයි. එසේම රසායනික තෙල් පොහොර ගසා වවන එළවළු ද අපනයනය නොකරයි. ඇමෙරිකන් ඩොලර් මිලියන 900 ක් සමග සිලෝන් ටී වලට ජාත්‍යන්තරයේ තිබෙන කීර්තිනාමය ද කැත කර ගන්නා මේ ප්‍රතිපත්තිය දේශමාමක ද? ජාතිමාමක ද? එසේ නම් මේ තීන්දු තීරණ හා ප්‍රතිපත්ති ආණ්ඩුවට දෙන ලණු ද? ව්‍යවහාර ඤාණය තිබෙන මිනිසුන් ඒ ගැන සිතිය යුතු නොවේද?

තේ වගාවට රසායනික පොහොර යොදන්නේ අවුරුදු 40 ක පමණ සිටය. ඒ නිසා තේ ගස සේම ඒ ගස වවන පසක් ඒ රසායනික පොහොරට හුරු පුරුදු වී සිටියි. තේ ගසෙන් දවස් හතෙන් හතට දලු කඩන නිසා ඒ ගසට නයිට්‍රජන් වැඩියෙන් අත්‍යවශ්‍යයි. වියතුන්ට එය නොතේරීම බරපතළ කාරණයකි.

කාබනික තේ ලංකාවේ දැනටත් තිබේ. එහෙත් අපනයන අතින් එය සියයට දශම බින්දුවයි එකක මට්ටමේ වත් නැත. එය එතරම් සුළුය. හේතුව රටේ පවතින පරිසරයත් සමග එය කිරීම ඉතා අපහසු වීමය.

එහෙත් ඒ තේ වලින් ඉපයිය හැකි ආදායම රසායනික පොහොර යොදා වවන තේවල ආදායම මෙන් දෙගුණයකි. කාබනික තේවලට ජාත්‍යන්තරයේ තිබෙන ඉල්ලුම එතරම් විශාලය. මේ දිනවල සාමාන්‍ය තේ කිලෝවක් වෙන්දේසියේ විකිණෙන්නේ රුපියල් 650 කට පමණය. කාබනික තේ කිලෝවක් රුපියල් 1500 කට පමණ විකිණිය හැකිය.

එහෙත් කාබනික තේ නමැති සහතිකය ලබා ගැනීමට අවුරුදු පහක් වත් ඒ වගාව කරගෙන යා යුතුය. කාබනික තේ වගාවකට වෙනත් වත්තකින් ගලාගෙන එන වැහි වතුරවත් ගත නොහැකිය. අවුරුදු පහක් තිස්සේ එසේ වචන තේවලට කාබනික තේ නමැති සහතිකය ලබා ගැනීමට මිලියන ගණන් වලින් මුදල් වැය කිරීමට ද සිදු වෙයි. මා මේ කියන්නේ කාබනික තේ නිෂ්පාදනය කළ නොහැකි බව නොව එය ඉතා දුෂ්කර හා මිල අධික බවය.

තේ කර්මාන්තය සියයට සියයක් කාබනික කීරීමට අවම වශයෙන් අවුරුදු දහයක්වත් ගත වන බව මාගේ තක්සේරුවයි. එය ක්‍රම ක්‍රමයෙන් පියවරෙන් පියවර යා යුතු දිගු කාලීන ගමනකි. ඒ බව තේරුම් නොගෙන හිටි හැටියේ මෙය කරන්නට යාමෙන් ඇති විය හැක්කේ ලෙඩා මළත් බඩ සුද්දයි වැනි තත්ත්වයකි. දැනටත් එහි පෙර නිමිති පහළ වී තිබේ.

තේ කර්මාන්තය සියයට සියයක් කාබනික කීරීමට අවම වශයෙන් අවුරුදු දහයක්වත් ගත වන බව මාගේ තක්සේරුවයි. එය ක්‍රම ක්‍රමයෙන් පියවරෙන් පියවර යා යුතු දිගු කාලීන ගමනකි. ඒ බව තේරුම් නොගෙන හිටි හැටියේ මෙය කරන්නට යාමෙන් ඇති විය හැක්කේ ලෙඩා මළත් බඩ සුද්දයි වැනි තත්ත්වයකි. දැනටත් එහි පෙර නිමිති පහළ වී තිබේ.

එහෙයින් ඒ ගමන යා යුතුම නම් එය කළ යුත්තේ පියවරෙන් පියවරය. එතැනට යන ගමනට අදාළ ප්‍රතිපත්ති හා සැලසුම් සම්පාදනය කිරීමේ වගකීම පැවරෙන්නේ නම් මා එය කරන්නේ මෙලෙසිනි.

පළමුව මා ඒ ගැන සිතන්නේ රාමුවෙන් පිටට ගොසිනි. (Out Of the Box Thinking) එය පොහොර සහනාධාරය සඳහා දෙන මුදල උපයෝගී කරගෙනම ආරම්භ කළ හැකිය. 2019 දී පොහොර සහනාධාර සඳහා වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 46,000 කි. 2020 දී එය රුපියල් මිලියන 50,000 ටත් වැඩිය. මින් ඉදිරියට ඒ සහනාධාරය දෙන්නේ ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවින් ඉහළ කාබනික පොහොර නිපදවන්නන්ට හා ඒ පොහොර භාවිත කරන්නන්ට පමණක් බවට ආණ්ඩුව පළමුව ප්‍රතිපත්ති තීරණයකට පැමිණිය යුතුය. ගොවියාට හා වැවිලිකරුවාට අවශ්‍ය වන්නේ අඩු මුදලකට ඉහළ ඵලදාවක් හා අස්වැන්නක් ලැබෙන පොහොරය. ඒවා රසායනික පොහොරම විය යුතු බවක් ගොවියෝ සහ වැවිලිකරුවෝ නොකියති. නොඉල්ලති. නිශ්චිත කාලයේ දී පොහොර යෙදිය යුතු හෙයින් ගොවියෝ හා වැවිලිකරුවෝ වැඩි මිලකට වුවත් පොහොර මිලදී ගනිති. රුපියල් 550ට හෝ 350ට පොහොර දෙන්නැයි මෙරට ගොවියෝ කිසි දිනෙක නොඉල්ලුහ. එසේම පොහොර නොමිලේ දෙන්නැයි ද ගොවියෝ ආයාචනය නොකළහ. එවැනි පොරොන්දු දුන්නේ දේශපාලකයෝය. ඒ ගොවින්ගේ ඡන්ද කොල්ලකෑමටය.

රුපියල් 550ට හෝ 350ට පොහොර දෙන්නැයි මෙරට ගොවියෝ කිසි දිනෙක නොඉල්ලුහ. එසේම පොහොර නොමිලේ දෙන්නැයි ද ගොවියෝ ආයාචනය නොකළහ. එවැනි පොරොන්දු දුන්නේ දේශපාලකයෝය. ඒ ගොවින්ගේ ඡන්ද කොල්ලකෑමටය.

පොහොර සහනාධාරය දෙන්නේ කාබනික පොහොරවලට පමණක්ය කියා ආණ්ඩුව තම තීරණය ප්‍රකාශයට පත් කළ විගස පෞද්ගලික අංශය පොහොර නිෂ්පාදනයට බසියි. ඒ පොහොරවල ප්‍රමිතිය තීරණය කළ යුත්තේ රජයයි. එසේම පෞද්ගලික ව්‍යවසායකයන් නිපදවන්නේ නියම ප්‍රමිතියෙන් යුතු පොහොර දැයි නියාමනය කිරීම ද රජයේ වගකීමක් විය යුතුය. එසේ වූ දාට රසායනික පොහොර ගෙන්වන්නේ හා කාබනික පොහොර නිෂ්පාදකයන් අතර තරගයක් ඇති වෙයි. ඊට හේතුව කාබනික පොහොරවලට පමණක් සහනාධාරය හිමි වීමය. ඒ තරගයේ දී රසානික පොහොර ගෙන්වන්නෝ පරදිති. එදාට ඔවුහු ද කාබනික පොහොර හැදීමට හෝ ගෙන් වීමට උනන්දු වෙති. එය එසේ වූ කල මෙවැනි අර්බුද ඇති වන්නේ ද නැත. ආණ්ඩුවට එරෙහිව ජනතාව පාර බසින්නේ ද නැත. ගොවියෝත් වැවිලිකරුවෝත් නිහඬවම කාබනික පොහොර දෙසට හැරෙති. ආරම්භයේදී රටට අවශ්‍ය තරමට කාබනික පොහොර නිෂ්පාදනය නොවන බව සත්‍යයකි. එහෙත් කාබනික පොහොර සඳහා ඇති වන ඉහළ ඉල්ලුම මගින් රට පුරා කාබනික පොහොර නිෂ්පාදන කම්හල් ඇරැඹෙයි. ගම් මට්ටමින් පවා එවැනි කම්හල් ඇරැඹෙයි. කවුරු පොහොර කම්හල් ආරම්භ කළත් ඒවායේ නිෂ්පාදනය කළ යුතු පොහොර වර්ග වල ප්‍රමිතිය රජය මගින් ප්‍රකාශයට පත් කළ යුතුය. අනතුරුව ඒ කම්හල්වල රජයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රමිතියෙන් යුතු පොහොර නිපදවන්නේ දැයි රජය මගින්ම නියාමනය කළ යුතුය.

කාබනික පොහොරවල තිබෙන ලොකුම ප්‍රශ්නය නයිට්‍රජන් අඩු කමය. එහිදී අප හැරිය යුත්තේ ජපානය දෙසටය. ජපානය ද කාබනික පොහොර ඉහළින්ම භාවිත කරයි. එරට ගොවීන් වැවිලිකරුවන් හා කාබනික පොහොර නිෂ්පාදකයන් තම පොහොරවල නයිට්‍රජන් ප්‍රතිශතය වැඩි කර ගන්නේ මුහුදු පැලෑටි භාවිත කිරීමෙනි. මුහුදු පැලෑටිවල නයිට්‍රජන් උපරිමයෙන් තිබේ.

 

දැවෝරා තේ කම්හල් සමූහයේ සභාපති

ආචාර්ය නිශාන්ත නානායක්කාර

සාකච්ඡා සටහන

ගුණසිංහ හේරත්

ලංකාදීප

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *