නීතිඥ හිජාෂ් හිස්බුල්ලා දේශපාලන සිරකරුවෙක් , කොන්දේසි විරහිතව වහාම නිදහස් කළ යුතුයි – ඇමිනස්ටි ඉන්ටර්නැසනල්

රජය විසින් අත් අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින නීතිඥ හිජාෂ් හිස්බුල්ල මහතා හෘදය සාක්ෂිය පිලිබඳ සිරකරුවකු බව ( දේශපාලන සිරකරුවෙකු බව ) ලෝ ප්‍රකට මානව හිමිකම් සංවිධානයක් වන ඇමිනෙස්ටි ඉන්ටෙර්නැෂනල් සංවිධානය විසින් ප්‍රකාශයට පත් කොට තිබේ.

ඔහුව කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු බවත්, ඔහුට එරෙහිව නගා ඇති චෝදනා ඉවත් කරගත යුතු බවත්, එම සංවිධානය ප්‍රකාශ කොට ඇත. එම සංවිධානයේ වෙබ් අඩවිය මගින් ඊයේ මෙම කරුණු ප්‍රකාශ කොට තිබේ.

2020 අප්‍රේල් මස 14 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිඥ හිජාෂ් හිස්බුල්ලා මහතා අත් අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ ය. ඒ මහතා මේ දක්වා රඳවාගෙන සිටින්නේ කිසිදු අධිකරණයක් ඉදිරියේ චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව ය.

නීතිඥ හිජාෂ් හිස්බුල්ලා මහතා අත් අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම ගැන බොහෝ සංවිධාන ප්‍රශ්න කොට ඇති අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද කනස්සල්ල ප්‍රකාශ කොට තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *