අද තවත් කොවිඩ් මරණ 50 ක් ; නව ආසාදිතයින් 1447 ක් ; ඩෙල්ටා 19 ක්

ඊයේ සිදු වූ බව කියන කොවිඩ් ආසාදිත මරණ 50 ක් රජය අද නිවේදනය කොට ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 3661 ක් දක්වා ඉහළ ගියේ ය.

අද නිල වශයෙන් වාර්තා වී ඇති නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 1447 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 180,506 ක් වෙයි.

වේගයෙන් පැතිරෙන කොවිඩ් ප්‍රභේදයක් වන ඩෙල්ටා වෛරස ආසාදිතයින් 19 ක් අද හඳුනාගත් බව රජය වාර්තා කළේ ය.

ඒ අනුව මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති ඩෙල්ටා ආසාදිත සංඛ්‍යාව 38 ක් ලෙස වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *