ජනාධිපතිගෙන් අවසරගෙන විෂ පළිබෝධනාශක ගෙන් වූ බව කෘෂිකර්ම ඇමති කියයි ; අර්තාපල් ලෙඩට වෙන බෙහෙත් නැහැ !


අර්තාපල් ආදී බෝගවලට වැලඳෙන දිලීර වසංගත සඳහා කාබනික විසඳුමක් නොමැති බැවින් ජනාධිපතිවරයාගෙන් අවසර ලබාගෙන පළිබෝධ නාශක යම් ප්‍රමාණයක් ගෙන්වා වරායේ ගුදම්ලා ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ ප්‍රකාශ කොට ඇත.

නුවරඑළිය වැනි ප්‍රදේශයක අර්තාපල් වගාවට යම් ගැටලු තත්ත්වයක් ඇති වුවහොත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය මත එම පළිබෝධ නාශක වගාවට යොදා එම කලාපය කාබනික රහිත කලාපයක් ලෙස නම් කරන බව ද ඇමැතිවරයා කියයි .

කාබනික දිලීර නාශක, වල් නාශක, කෘමිනාශක විශාල ප්‍රමාණයක් රටේ තිබෙන බවත්, ඒ සියල්ල එළියට ගෙන ලියාපදිංචි කිරීමට කටයුතු යොදා ඇති බවත් ඇමැතිවරයා පවසා තිබේ.

කාබනික ආහාර හා කෘෂිකර්ම වාර්තාකරණය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්‌යේෂණ ආයතනයේදී ඊයේ (14) පැවැති වැඩමුළුවකදී ඇමැතිවරයා මේ බව පැවසූ බව වාර්තා වෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *