පොහොර තහනමේ කොටසක් රිවස් – ‘පොටෑසියම්’ ආනයනයට ජනාධිපති අවසර දුන් බව අරුන්දික කියයි


පොල් වගාවට අවශ්‍යම පොහොර වර්ගයක් වන පොටෑසියම්ආනයනයට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවසර දුන්නේ යැයි පොල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කොට ඇත.

සියලුන්රසයනික පොහොර ගෙන්වීම රහය විසින් තහනම් කර තිබීම නිසා, පොල් වගාවේදී අත්‍යවශ්‍ය වන ‘පොටෑසියම්’ යොදා ගැනීමට  නොහැකි වීම බරපතළ ප්‍රශ්නයක්ව තිබූ බවත් ‘මියුරේට් ඔෆ් පොටෑෂ්’ ආකාරයට ‘පොටෑසියම්’ ආනයනය කිරීමට ජනාධිපතිතුමාගෙන්  අවසර ලැබුණු බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇති වාර්තා වෙයි.

යූරියා පොහොර සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවත්, නයිට්‍රජන් සපයා ගැනීමට පොල් ගසේ අමතර කොටස්, ගොම පොහොර, කුකුල් පොහොර සහ ගිනිසීරියා යොදා ගැනීමට සැළසුම් කර ඇති බවත් අමාත්‍යවරයා පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *