බැසිල්ට දුන්නේ හිස් භාණ්ඩාගාරයක් ; පොහොට්ටු පසුපෙලින් අගමැති මහින්දට චෝදනා !!!

බැසිල් රාජපක්ෂ මහතාට ලබා දී තිබෙන්නේ හිස් භාණ්ඩාගාරයක් බවත් , එබැවින් ඒ මහතාට ආදායම් උපදවා ගෙන ජනතාවට සහන දීමට කෙටි කලක් ගතවනු ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ මහතා පසුගිය දා මුදල් ඇමති ධුරය භාරගත්තේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙනි. පොහොට්ටුවේ මන්ත්‍රීවරයා මාධ්‍යයට කියා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා විසින් බැසිල් රාජපක්ෂ මහතාට බාර දී ඇත්තේ හිස් භාණ්ඩාගාරයක් බව යි.

හිස් භාණ්ඩාගාරයක් භාරගෙන බැසිල් රාජපක්ෂ මහතාට එකවරම ප්‍රාතිහාර්ය පෑමට නොහැකි බවද මන්ත්‍රී ජගත් කුමාර මහතා ප්‍රකාශ කොට ඇත.

එවන් භාණ්ඩාගාරයකට ආදායම් උපදවා ගන්නා ගමන් බිලියන ගණන් විදේශ ණය ගෙවීමට ඇතැයි ද ඒ මහතා පෙන්වා දී තිබේ.

කොළඹදී මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරයා මෙම අදහස් ප්‍රකාශ කොට ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *