ආනයනය තහනම් කළ යුරියා පොහොර නියම කාබනික ද්‍රව්‍යයක් – රසායන විද්‍යාඥ ආචාර්ය නිමල් රාජපක්ෂ

මෙරටට ආනයනය තහනම් කොට ඇති යුරිය පොහොර යනු නියම කාබනික රසායනයක් බවත්, එය මුලින් ම සොයාගත්තේ මුත්‍රාවලින් බවත්, රාසයන විද්‍යාඥ නිමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. එමෙන් ම එය මිනිසාට කිසිසේත් විෂ නැති බව ද ඒ මහතා කියයි.

යුරියා ගැන ඇත්ත හෙළිකරමින් ඒ මහතා ඉංග්‍රීසියෙන් පළ කළ ලිපියක පරිවර්තනයක් ‘ලංකාදීප’ පුවත්පතේ පළ කොට ඇති අතර එහි මෙසේ සඳහන් ය.

යූරියා ස්වාභාවිකව සෑදෙන කාබනික සංයෝගයකි. මුල්ම යූරියා, මුත්‍රාවලින් වෙන්කර ගත්තේ ප්‍රංශ රසායන විද්‍යාඥ හිලරි-මාරින් රොවෙල් (Hilare- Marin Rouelle) ය. ඒ 1773 අවුරුද්දේය. ඇමෝනියම් සයනේට් වලින් මුලින්ම යූරියා නිස්සාරණය කර පෙන්වූයේ ජර්මානු රසායන විද්‍යාඥ ෆෙයිඩ්රිච් වෝල්හර් (Friedrich Wohler) ය. ස්වාභාවිකව සෑදෙන කාබනික සංයෝගයක්, කාබනික නොවන ද්‍රව්‍යයකින් විද්‍යාගාරයක දී පළමුවෙන්ම සාදාගනු ලැබූ ප්‍රථම අවස්ථාව ලෙස එය පොදුවේ පිළිගැනේ.

අද වන විට ලෝකය පුරා වඩාත් වැඩිපුරම භාවිත වන කෘත්‍රිම පොහොර වර්ගය යූරියා වේ. සාගින්නෙන් පෙළෙන ලෝකයකට ආහාර දෙන්නට කෘත්‍රිම ලෙස නිෂ්පාදය කරන යූරියා ස්වාභාවික දෙයකි.

යූරියා ජීවීන් හට විස වූවක් නොවේ

යූරියා උදාසීන PH අගයකින් සමන්විතය. එම නිසා නිර්දේශ කර ඇති ආකාරයෙන් ඒවා භාවිත කළ විට පසෙහි සංඝටක ක්ෂය වී ගොස් පසෙහි රසායනික ගුණය ඒවායින් වෙනස් වන්නේ නැත. සියලු ක්‍ෂිරපායි සත්වයෝ ප්‍රෝටීන ජීරණය සිදු කරන විට මුත්‍ර බහිස්‍රාවය කරති. දළ වශයෙන් එක් පුද්ගලයෙක් දිනකට යූරියා ග්‍රෑම් 20-35 පමණ මුත්‍ර මගින් පිට කරයි. ක්ෂීරපායි සත්වයන්ගේ දහඩිය ලේ සහ කිරිවලද යූරියා අඩංගු වේ. මුහුණේ ආලේපකරන ක්‍රීම් වර්ගවල සියයට 40ක් පමණ යූරියා අඩංගු වීම සාමාන්‍ය කරුණකි.”

මේ පිළිබඳව අප කළ ගවේෂණයක දී හෙළි වුයේ යුරියා කාබනික රසායනයේ තීරණාත්මක සංවර්ධනයකට දායක වී ඇති බවයි. එනම් කාබනික රසායන ද්‍රව්‍යවල ජීව බලයක් ඇතැයි මුල කාලීන රසායන විද්‍යාඥයන් තුළ තිබු සංකල්පය බිඳ වැටීම යි.

මුල් කාලයේ සියලු කාබනික රසායන ද්‍රව්‍ය වෙන්කර ගත හැකි වී ඇත්තේ සත්ව හා ශාක මුලාශ්‍රවලිනි. එබැවින් ඒවා තුළ ජීව බලයක් යන විශේෂිත ගුණයක් ඇතැයි එකල සිටි විධ්‍යඥයෝ විශ්වාස කළ හ.

ජීව බලය පිලිබඳ එම සංකල්පය බිඳ වැටීමට හේතු වී ඇත්තේ ජර්මානු රසායන විද්‍යාඥ ෆෙයිඩ්රිච් වෝල්හර් (Friedrich Wohler) විසින් 1828 දී අකාබනික රසායන ද්‍රව්‍යයක් වන ඇමෝනියා වලින් කාබනික යුරියා නිෂ්පාදනය කිරීමෙනි.

කාබනික ගොවිතැන සඳහා යයි කියමින් ශ්‍රී ලංකාව පළමුවෙන් ම තහනම් කොට ඇත්තේ එම කාබනික ද්‍රව්‍ය වන යුරියා පොහොර යි.

From Wikipedia, the free encyclopedia

Urea, also known as carbamide, is an organic compound with chemical formula CO(NH2)2. This amide has two –NH2 groups joined by a carbonyl (C=O) functional group.

Urea serves an important role in the metabolism of nitrogen-containing compounds by animals and is the main nitrogen-containing substance in the urine of mammals. It is a colorless, odorless solid, highly soluble in water, and practically non-toxic (LD50 is 15 g/kg for rats).[6] Dissolved in water, it is neither acidic nor alkaline. The body uses it in many processes, most notably nitrogen excretion. The liver forms it by combining two ammonia molecules (NH3) with a carbon dioxide (CO2) molecule in the urea cycle. Urea is widely used in fertilizers as a source of nitrogen (N) and is an important raw material for the chemical industry.

Friedrich Wöhler discovered that urea can be produced from inorganic starting materials, which was an important conceptual milestone in chemistry in 1828. It showed for the first time that a substance previously known only as a byproduct of life could be synthesized in the laboratory without biological starting materials, thereby contradicting the widely held doctrine of vitalism, which stated that only living things could produce the chemicals of life.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *