‘සිරස’ට කළ යුතු දේ ගැන නීති උපදෙස් ගත් බව මාධ්‍ය ඇමති කෙහෙළිය පිළිගනියි

‘සිරස’ මාධ්‍ය ආයතනයේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමා නීතිඥ උපදෙස් ලබාගත් බවට එල්ල වන චෝදනා සත්‍ය බව ජනමාධ්‍ය ඇමති සහ කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පිළිගෙන ඇත.

‘සිරස’ ආයතනයේ ක්‍රියාකාරීත්වය ගැන තමා නීති උපදෙස් ගැනීම කිසිදු වරදක් නැති බවත්, එය තම අයිතියක් බවත්, රඹුක්වැල්ල මහතා වැඩි දුරටත් ප්‍රකාශ කොට තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම ප්‍රශ්නය මතු කළ අවස්ථාවේ තමා පාර්ලිමේන්තුව තුළ නොසිටි බව ද ඒ මහතා කියයි.

විපක්ෂ නායකතුමා පසුගියදා චෝදනා කළේ ‘සිරස’ රුපවාහිනී ආයතනයේ විකාශන බලපත්‍රය අහෝසි කිරීමට ආණ්ඩුව නීති උපදෙස් ලබාගෙන ඇති බවයි.

ඒ පිළිබඳව මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් මාධ්‍ය ඇමතිවරයා , තමා එසේ නීති උපදෙස් ගත් බව තහවුරු කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *