ඇත්ත දේශපාලන පරිවර්තනය තව මාස කිහිපයකින් බලාගන්න පුළුවන් – එජාප නායක රනිල් වික්‍රමසිංහ

රටේ ඇත්ත දේශපාලන පරිවර්තනය තවත් මාස කිහිපයකින් කාට කාටත් බලා ගත හැකි වන බව එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා සහ අගමැති මහිනද රාජපක්ෂ මහතා අතර හමුවක් සහ එකට ආහාර ගැනීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ  පළ වූ ඡායාරුප  සම්බන්ධයෙන් කළ විමසීමක දී එම ඡායාරුප මාස එක හමාරකට වඩා පරණ බව ප්‍රකාශ කරමින් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ යයි ලංකා නිව්ස් වෙබ් වාර්තා කොට ඇත.

එම ඡායාරුප ගැන ලංකා නිව්ස් වෙබ් කළ විමසුමකට පිළිතුරු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ “මේක මේ මාස එකහමාරකටත් කලින් දෙයක්. බොරු ආන්දෝලනයක් ඇති කරන්නයි මේ හදන්නේ. මෙල්වින්ගේ උපන් දිනයට මහින්දත් මමත් හැම අවුරුද්දකම සහභාගී වෙනවා. ඒක කාලෙක ඉඳන් සිද්ධ වෙන දෙයක්. ඒකෙ අමුත්තක් නෑ. එතන දේශපාලනයක් කතා වුණෙත් නෑ. රටේ ප්‍රශ්න අතරේ මේ නැති දෙයක් මවන්න හදන්නේ. ඇත්තම දේශපාලන පරිවර්තනය තව මාස කිහිපයකින් කාට කාටත් බලාගන්න පුළුවන් වෙයි” යනුවෙනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *