ඩිසිපිලින් නැත්තේ පාර්ලිමේන්තුවට ද ? මිනිස්සුන්ට ද ? – චන්දන ප්‍රසන්න

අද උදේ ඉඳන් රනිලුයි මහින්දයි කෑම කන ෆොටෝ එකක් දාගෙන ෆේස්බුක් එකේ වැළලෙන්න හදනව දැක්කා. කාලෙන් කාලෙට ඔය විදියට අනුර රනිල් එක්ක හිනාවෙනවා, සජිත් මහින්ද එක්ක කතාකරනවා කතාකරනව වගේ ෆොටෝ එක්ක එනවා හෙන ලොකු දෙයක් වගේ, “මේ හැමෝම යාළුවො මල්ලි” වගේ කැප්ෂනුත් එක්ක.
බලය අල්ලගත්තට පස්සෙ කලින් හිටපු පාලකයගේ අතදරුවගේ ඉඳන් පවුල පිටින් මරපු ලෙනින්ල වගේ විප්ලවවාදී දේශපාලනේ කරන උන් නම් ඔහොම කියන එක අවුලක් නෑ. ඒත් අවුල තියෙන්නෙ නායකයෝ ටික විප්ලවේ අතෑරලා පාර්ලිමේන්තුවට ඇවිත් අවුරුදු තිහකට කිට්ටුවෙන්න ඇවිල්ලත් අනුගාමිකයෝ ටික තාම අර මානසිකත්වෙ ඉන්න එක.
වෙනස් අදහස් තියෙන මිනිස්සු එකතුවෙලා සුහද ව දේශපාලනය කරන ක්මේකට තමයි පාර්ලිමේන්තු ප්රජාතන්තත්රවාදය කියන්නෙ. දේවල් සම්බන්ධ ව තව තමන්ගෙ තියෙන වෙනස් අදහස් වාද විවාද කළාට තමන්ගෙ මතයට විරුද්ධ එකාව මූණවත් බලන්නෙ නැති හතුරෙක් හැටියට සලකන සිරිතක් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයේ නෑ. මොකද පාර්ලිමේන්තුවේ ඉන්න හැමෝම රටේ යම් මිනිස්සු පිරිසක් නියෝජනය කරන්න ඒ මිනිස්සුන්ගෙ ඡන්දෙන් පත්වෙලා ආපු උන්. එතකොට රටේ එක පිරිසක් නියෝජනය කරන කෙනාට තවත් පිරිසක් නියෝජනය කරන කෙනෙක් එක්ක එකට වසන්න බැරි තරමට වෛරයක් තියෙනවා කියන්නෙ ඒ දෙන්නා නියෝජනය කරන මිනිස්සු කණ්ඩායම් දෙකටත් එකිනෙකා අතර ඒ තරමේ වෛරයක් තියෙනව කියන එක නෙ. එහෙම ෆන්ඩමෙන්ටලි වෙනස් මිනිස්සු කණ්ඩායම් දෙකකට ඉන්න රටක ඩිමොක්රොටික් සිස්ටම් එකක් ක්ර්රියාත්මකකරන්න බෑ.
අනිත් පිරිසට යම් යම් දේවල් සම්බන්ධ ව වෙනස් අදහස් තිබුණත් අපි දෙතුන්ගොල්ලො ම එකතු වෙන රට සම්බන්ධ පොදු අදහසක් තියෙනව නම්, සහ අපි විරුද්ධ වුණත් අර අනිත් අදහසුත් පවතින එක සහ ඒ අය අදහස් කතාකරන එක වැදගත් කියල මිනිස්සු බහුතරය විශ්වාසකරනව නම් විතරයි ඩිමොක්රැටික් සිස්ටම් එකක් ක්රියාත්මක වෙන්නෙ. එහෙම නැත්නම් මොකටද පාර්ලිමේන්තුවේ විපක්ෂයක් කියල එකක් වාඩිකරවගෙන උන්ටත් කතාකරන්න අවස්ථාව දීලා මන්ත්රී වරප්රසාද දීලා තියාගෙන ඉන්නෙ. බලයට පත්වෙන උන්ට පුළුවන්නෙ උන්ගෙ අදහස්වලට විරුද්ධ උන්ව පන්නල දාන්න; උන්ගෙ අදහස්වලට ඇහුම්කන් දෙන්නෙ මොකටද?
පාර්ලිමේන්තු ක්රමයේ ඉතිහාසය දන්නව නම් ඔය වගේ ප්රශ්න එනවා අඩුයි. පාර්ලිමේන්තු සම්ප්රදාය පටන්ගන්නෙ බ්රිතාන්යයෙ නෙ. රජාට විතරක් තමන්ට ඕන ඕන විදියට පාලනය ගෙනියන්න දෙන්නෙ නැතුව තමන්ටත් යම් නියෝජයක් ඕන කියල හිතපු ප්රාදේශීය ප්රභූන්ගේ එකතුවකින් තමයි ඕක පටන්ගන්නෙ. මුලින් කතාබහ කරලා රජාට උපදෙස් දෙන ආයතනයක් හැටියට තිබිලා තමයි ඕක ටිකෙන් ටික බලවත් වෙන්නෙ.
ඉතිං හැම තිස්සෙ ම බලය සම්බන්ධ අරගලය තියෙන්නෙ රජා සහ පාර්ලිමේන්තුව අතර. ඒ නිසා පාර්ලිමේන්තුව ඇතුළෙ මොන මොන වාද විවාද තිබුණත් ඉන් එළියේ රජා හෝ ජනතාව හමුවේ එක ටීම් එකක් විදියට තමන්ගෙ බලය සහ තත්ත්වය වෙනුවෙන් පෙනීඉන්න එක තමයි පාර්ලිමේන්තුවේ හැම මන්ත්රී කෙනකුගෙ ම වගකීම හැටියට සැලකෙන්නෙ. ඉතිං දේශපාලනය ක්රමය ගැන වාද විවාද තිබුණත් ඒ ඔක්කොම යාළුවො තමයි.
කවුරු හරි හොරු, මිනීමරුවෝ, දේශද්රෝහියෝ ඉන්නව නම් ශිෂ්ටසම්පන්න සමාජයක ඒ අය පාර්ලිමේන්තුවේ ඉන්න විදියක් නෑ නෙ; ඒ මිනිස්සු ඉන්න ඕන හිරේ. රටේ හැම නීතියක් ම හදන පාර්ලිමේන්තුව ඇතුලෙ ඉන්න මිනිස්සු ම කියනව නම් ඒ නීති අනුව හිරේ ඉන්න ඕන උන් පාර්ලිමේන්තුව ඇතුලෙ ඉන්නව කියල, ඒ වගේ අපරාධකාරයන්ව හිරේ යනව සිස්ටම් එකක් හදාගන්න ඒ පාර්ලිමේන්තුවට බැරි නම් ඒ වගේ සිස්ටම් එකකට පවතින්න බෑ.
එක්කො පාර්ලිමේන්තුව ඇතුලෙ ඉන්න උන්ට පුළුවන් වෙන්න ඕන කතාකරලා ඒ සිස්ටම් එක හදාගන්න. මොකද දෙයක් කරුණු සහිත ව පෙන්නල දුන්නම ඒක පිළිගන්න හෝ පිළින්නෙ නැත්නම් ඇයි පිළිගන්නෙ නැත්තෙ කියල කරුණු සහිත ව පැහැදිළිකිරීමේ අවම සදාචාරයවත් තියෙන්න ඕන නෙ ඔය සිස්ටම් එක අරන්යන්න. ඉතිං එහෙම එකක් නැත්නම්, හෝ කාට හරි හිතෙනව නම් එහෙම එකක් නෑ කියල (මම නම් හිතන්නෙ පාර්ලිමේන්තුවේ නෙවෙයි, ලංකාවේ සාමාන්ය මිනිස්සු බහුතරයට එහෙම ඩිසිප්ලින් එකක් නෑ) එහෙම විශ්වාස කරන කෙනෙක් පාර්ලිමේන්තුව ඇතුළෙ වාඩිවෙලා ඉඳගෙන මොකක් කරනවද කියල මට නම් තේරෙන්නෙ නෑ. පාර්ලිමේන්තු ක්රමය එච්චර දූෂිතයි කියල විශ්වාස කරනව නම් එක්කෝ අර ලෙනින්ලා කළා වගේ ඒකට ගහලා ඔය දූෂිතයි කියන උන්ව පන්නල (හෝ මරලා) දාන්න ඕන; නැත්නම් අඩු තරමේ ඕකෙන් අයින්වෙලා ගිහින් ගෙදර ඉන්න ඕන.

චන්දන ප්‍රසන්න

FACEBOOK වෙතිනි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *