චම්පික රණවක ඇමතිවරයාගේ විදේශ ගිණුම් ගැන හොයන්නැයි ඇමති පිරිසක් ජනාධිපතිගෙන් ඉල්ලයි

චම්පික රisණවක ඇමතිවරයාගේ සමීප හිත්වෙතකු වන විද්‍යා අමරපාල මහතාගේ නම විදේශ ගිණුම්වල මුදල් සගවුවකු ලෙස  පැනමා  පේපර්ස් සිදුවීමත් සමග හෙලිදරවුවීමත් සමග එම මුදල් ගැන වහාම පරීක්ෂණ ආරම්භ කරන ලෙස රජයේ ඇමති පිරිසක් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කොට ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි . චම්පික රණවක  මහතා විදුලිබල ඇමතිවරයා ලෙස සිටියදී ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාව සිටි විද්‍යා අමරපාල මහතා නමින් විදේශ ගිණුම් වල ඇත්තේ ඇමතිවරයාගේ මුදල් බව  ට වාර්තා පල වී තිබිණි . යහපාලනය ගැන ඉහලින් කතාකරන ඇමතිවරයකු මෙලෙස මුදල් සගවා ඇත්නම් ඒ පිලිබදව වහාම පියවර ගතයුතු බව ඉහත කි ඇමති පිරිස ජනාධිපති වරයාගෙන් ඉල්ලා ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *