ආණ්ඩුවෙන් ඉවත් වීම ගැන ශ්‍රීලනිප වැට උඩ ; තත්ත්වය බරපතළයි ; මධ්‍යම කාරක සභාවේ උණුසුම් විවාද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ඊයේ පවතී මධ්‍යම කාරක සභා රැස්වීමේ දී බහුතරයක් අදහස් දක්වා ඇති නමුත්, මේ මොහාතේ ඉවත් වුවහොත් පක්ෂ නායකත්වය සිරගත් කිරීමට පවා රජය ක්‍රියා කරනු ඇති බවට තවත් පිරිසක් බිය පලකළ බව වාර්තා වෙයි.

පාස්කු බෝම්බ ප්‍රහාරය වලකා  ගැනීමට ක්‍රියා නොකිරීමෙන් වගකීම පැහර හැරීම ගැන හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ආණ්ඩුව ක්‍රියාත්මක විය හැකිය යන බිය ශ්‍රීලනිපය තීරණයක් ගැනීමට නොහැකි  වන හේතුවක් බවට පත්ව ඇතැයි ඊයේ පැවතී මධ්‍යම කාරක සභා රැස්වීම ගැන අදහස් දැක්වූ ඇතැම් නිරීක්ෂකයෝ කියති.

ආණ්ඩුවෙන් ඉවත්වීමට ඉක්මන් නොවිය යුතු බව අවසානයේ තීරණය වී ඇති බව වාර්තා වෙයි.

මේ පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දුන් පක්ෂයේ හිටපු මහ ලේකම් සහ මධ්‍යම කාරක සභාවේ ජෙෂ්ට සාමාජික මහාචාර්ය  රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කීවේ තත්ත්වය ඉතා බරපතල බව සාකච්ඡා වුව ද, ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණයක් නොගත් බවයි. පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම වැඩ ක්‍රියාශීලී කිරීමටත්, පක්ෂය වඩා ශක්තිමත් කිරීමටත්, තීරණය වූ බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *