රනිල් කියනකොට සජබ වැඩට බසී ; ශ්‍රේෂ්ටාධිකරණයට පෙත්සම් තුනක් !

මහජන උද්ඝෝෂනවල නිරත වුවන් නිරෝධායන නීති යටතේ අත් අඩංගුවට ගැනීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ නීති අංශයට පෙරේදා උපදෙස් දුන් බවට වාර්තා පළවූ අතර සජබ නීතිඥ කණ්ඩායම ඊයේ ක්‍රියාත්මක වී මුලික  අයිතිවාසිකම් පෙත්සම් තුනක් ශ්‍රේෂ්ටාධිකරණය ඉදිරියේ ගොනු කිරීමට කටයුතු යොදා ඇත බව වාර්තා වෙයි.

සජබ ඉදිරිපත් කරන පෙත්සම් තුන අද උදේ ශ්‍රේෂ්ටාධිකරණය ඉදිරියේ ගොනු කොට තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නීතිඥවරුන් ද පෙත්සම් ගණනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

මෙම කරුණ සම්බන්ධයෙන් පෙත්සම් රැසක් ලබන සතියේ අධිකරණයට ඉදිරිපත් වනු ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *