ඇස්ට්‍රා සේනිකා තොගයක් එයි ! ෆයිසර් එන්නත් දීම වහාම නවතයි !

කොළඹ නගර සීමාව තුළ ඇස්ට්‍රා සේනිකා පළමු මාත්‍රාව ලබාගත් අයට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් දීමේ වැඩ පිළිවෙළ වහා ම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමු බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් කියයි. මෙම තීරණය ගත්තේ මෙම මස තුන්වන සතියේ දී ඇස්ට්‍රා සේනිකා එන්නත් ලැබෙන නිසා බව එහි සඳහන් ය. සිදු වූ අපහසුතාවය පිළිබඳව නගරාධිපතිතුමිය කනගාටුව ප්‍රකාශ කොට ඇත.

මේ අතර හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කොට ඇත්තේ මෙම මස තෙවැනි සතියේ ඇස්ට්‍රා සේනිකා මාත්‍රා ලක්ෂ 14 ක තොගයක් මෙරටට ලැබීමට නියමිත බවයි.

ඇස්ට්‍රා සේනිකා පළමු මාත්‍රාව ලබාගත් ලක්ෂ හයක පමණ පිරිසකට දෙවන මාත්‍රාව ලබාදීම ගැටළුවක් ව පැවතිනි. ඉන්දියාවේ කොවිඩ් වසංගතය උත්සන්න වීම නිසා සැපයුම නතර වීමෙන් මෙම තත්ත්වය උද්ගත වීය. කෙසේ වෙතත්, හමුදාපතිතුමාගේ ප්‍රකාශය අනුව පෙනී යන්නේ එම ප්‍රශ්නය විසඳෙන ලකුණු පහල වී ඇති බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *